ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට පහළට

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකරන බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා.

ඒ, අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 300 කින් මිල පහත දමන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

මීට පෙර ද එනම් පසුගිය මැයි මස 03 වනදා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් අඩු කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
47
+1
11
+1
96
+1
5
+1
7
+1
13
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?