AFC Banner
Empty Ad
Empty Ad

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

දකුණු අප්‍රිකා ” ඒ ” ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා අද අලුයම මෙරටට පැමිණ තිබෙනවා .

ක්‍රීඩකයින් සහ නිලධාරීන් 24 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අද (01) උදෑසන 08.20 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK – 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම කණ්ඩායම පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන එක් දින තරග 03 කට සහ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන දින 04 ක්‍රිකට් තරග දෙකකට ද සහභාගී වීමට නියමිතයි.

දකුණු අප්‍රිකා ” ඒ ” කණ්ඩායම පිළිගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ මෙම කණ්ඩායම ගුවන් තොටුපොළේ සිට කොළඹ බලා රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?