වට්ස්ඇප් හරහා සිසුවියකට අයතු බලපෑම් කළ ගුරා රිමාන්ඩ්

තඹුත්තේගම පාසලක 14 හැවිරිදි සිසුවියකට “වට්ස් ඇප්”හරහා ලිංගික අපයෝජන කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් එම පාසලේම සිංහල විෂය ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරයා ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තඹුත්තේගම මලියදේවපුර පදිංචි 44 හැවිරිදි ගුරුවරයෙක්.

ඔහු තඹුත්තේගම නගරයේ ප්‍රධාන පෙලේ පාසලක 8-9 ශ්‍රේණි අංශ භාර ගුරුවරයා මෙන්ම සිංහල විෂය ඉගැන්වීම් කරන ගුරුවරයකු ලෙස ද රාජකාරී කටයුතු සිදු කරන බව සඳහන්.

සැකකාර ගුරුවරයා එම විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි දැරියකට වට්ස්ඇප් හරහා ලිංගික ඇවිටිලි කරන බවට ඇයගේ දෙමාපියන් විසින් කළ පැමිණිල්ලක් මතයි තඹුත්තේගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.

සැකකාරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ගුරුවරයා දීර්ඝ කාළයක් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක් වන අතර මීට පෙර කිසිදු චෝදනාවක් නොමැති පුද්ගලයකු බවයි.

තම සේවාදායකයා විසින් මෙම සිසුවියගේ විනය සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමට දුරකථනය හරහා පණිවුඩ ලබා දීම සිදු කර ඇති අතර තඹුත්තේගම ප්‍රදේශයේම පදිංචි ඔහු ඕනෑම ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙසටයි නීතීඥවරයා ඉල්ලා සිටියේ.

“ගුරුවරයකු යනු දරුවකුට රැකවරණය ලබා දිය යුතු පුද්ගලයෙක් ” යැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළ අතර අදාළ වට්ස් ඇප් පණිවුඩ අධිකරණයට ඉදිරිපත් කර ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසා තිබෙනවා.

පොලිසිය විසින් අදාළ පණිවුඩ අධිකරණයට රැගෙන නොපැමිනීම හේතුවෙන් අධිකරණ කටයුතු විනාඩි 10 කට කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

පසුව විනාඩි 10ක් තුළ අදාළ වට්ස් ඇප් පණිවුඩ පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි පොලිසියට නියෝග කරනු ලැබුවේ.

අනතුරුව අධිකරණ කටයුතු ආරම්භ වූ පසු අදාළ වට්ස් ඇප් පණිවුඩවල පිටපත් තඹුත්තේගම පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ දැරිය මව භාරයේ පසුවන බවත් එහිදී පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා එහිදී පරිවාස නිලධාරීන්ගෙන් විමසා සිටි අතර, පරිවාස වාර්තාවක් නොමැති වීම මත මහේස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්දට තරයේ අවවාද කරමින් කියා සිටියේ නඩු කටයුතු මෙහෙයවීමේදී අදාළ තොරතුරු සියල්ල ඉදිරිපත් කළ යුතු බවයි.

කරුණු සියල්ල සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ලබන ජුනි මස 07 වැනි දින දක්වා සැකකාර ගුරුවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබුවා.

එදිනට දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලබා දෙන ලෙසට යි පරිවාස නිලධාරීවරයාට නියෝග කරනු ලැබූවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39