ශ්‍රී ලංකාවට උපරිම සහායක් ලබාදීමට අපේක්ෂා කරනවා – IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කියයි

මෙම අසීරු මොහොතේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා හැකි උපරිම දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

අද (31) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් හමුවූ අවස්ථාවේදී යි ඒ මහතා මේබව පවසා සිටියේ.

එසේම නැවත ශ්‍රී ලංකාවේ ආර්ථිකය යහපත් මාර්ගයට ගැනීම සදහා අවශ්‍ය මූලික සාධනීය පියවර රැසක් මේ වන විට ගෙන තිබීම අගය කරන බවද කෙන්ජි ඔකමුරා මහතා සඳහන් කළා.

මේ අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහය ලබා දීමට මැදිහත් වීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජොර්ජියේවා මහත්මිය ප්‍රමුඛ සමස්ත අධ්‍යක්ෂවරුන්ට මෙරට රජය සහ ජනතාව වෙනුවෙන් සිය කෘතවේදීත්වය පුද කර සිටින බවයි කථානායකවරයා මෙහිදී IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයාට දන්වා සිටියේ.

එසේම පවතින අර්බුදය විසදා ගැනීමට ආර්ථික ස්ථායිකරණය සදහා අවශ්‍ය දැඩි තීරණ ගැනීමට සිදු වූ බවද පාර්ලිමේන්තුව තුළින් ද ඒ සදහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද කථානායකවරයා පෙන්වා දී තිබෙනවා. මනා විනිවිද භාවයකින් යුතු නව ආර්ථික දැක්මක් සඳහා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීම, දූෂණ විරෝධි පනතක් හදුන්වා දීමට පියවර ගැනීම, නව මහබැංකු පනතක් හදුන්වා දීමට කටයුතු කිරීම ආදී වඩාත් සාධනීය පියවර රැසක් ඒ අනුව ගෙන ඇති බව කථානායකවරයා පෙන්වා දෙනු ලැබුවා.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවට පැමිණි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පිළිගනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ ජයතිලක, සහකාර මහලේකම් හංස අබේරත්න සහ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්වරුන් විසින්.

කථානායකවරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔකමුරා මහතා පාර්ලිමේන්තු සභා ගර්භය නැරඹීමට ද එක්වුණා.

අනතුරුව ඒ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ සාමාජිකයන් සමග සුහද සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

එසේම අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා පාර්ලිමේන්තුවට පැමිණෙන විශේෂ අමුත්තන්ගේ ලේඛනයේ සමරු සටහනක් තැබීමට ද එක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14