පකිස්ථානයේ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ පසුබෑමට එරෙහිව නව සටනක්

පකිස්ථානයේ සෞඛ්‍ය සේවකයින් දිගින් දිගටම ප්‍රහාරවලට මුහුණ දෙන බැවින් පෝලියෝ සදහටම තුරන් කිරීමේ ගෝලීය මෙහෙයුම අවදානමට ලක්ව තිබෙනවා.

1990 ගණන්වල මුල් භාගයේදී, පෝලියෝ සෑම වසරකම පාකිස්තාන දරුවන් 20,000 ක් පමණ අංශභාගයට පත් කරනු ලැබුවා.

2022 දී, පාකිස්ථානයෙන් වාර්තා වූ පෝලියෝ රෝගීන් 18 දෙනාගෙන් 16 දෙනෙකු ම වාර්තා වී තිබුණේ ඇෆ්ගනිස්ථානය සමඟ දේශසීමා බෙදාගන්නා උතුරු වසිරිස්තානයෙන්.

ඒ, අනුව පෝලියෝ තුරන් කිරීමේ  අභිලාෂකාමී ප්‍රයත්නය මගින් අපේක්ෂා කෙරෙන්නේ පෝලියෝ බෝකරන පෝලියෝමිලයිටිස් වෛරසයට එරෙහිව ළමුන් මිලියන 23.8 කට ප්‍රතිශක්තිකරණය ලබා දීමේ විශ්මයජනක ඉලක්කයක් කරා ළඟා වීමටයි.

එහෙත් එන්නත ජනගහනය වඳ කිරීමට බටහිර මැදිහත්වීමක් හෝ එන්නත ගැනීම හරාම් නැතහොත් එන්නත ඉස්ලාමීය නීතියෙන් මුස්ලිම්වරුන්ට තහනම් බව විශ්වාස කිරීම වැනි  එන්නත පිළිබඳ මිථ්‍යාවන් සහ කුමන්ත්‍රණ න්‍යායන් පකිස්ථානයේ බහුලව පැතිරී තිබීම හේතුවෙන් පෝලියෝ එන්නත්කරණ වැඩසටහනට බලපෑම් එල්ලවී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ ඔවුන් සමඟ පැමිණි ආරක්ෂක හමුදාවලට ප්‍රහාර එල්ල කර, පෙර වසරවල මිනිසුන් දුසිම් ගණනක් ඝාතනය කර පෝලියෝ මුලිනුපුටා දැමීමට බාධා මතු කර තිබෙනවා.

කෙසේ වෙතත් පකිස්ථානයේ උප-ජාතික පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරය මෑතකදී  ආරම්භ කරන ලද අතර, එය 2023 මැයි 15-21 දක්වා පැවතියා.

1988 සිට පෝලියෝ තුරන් කිරීමේ ගෝලීය මුලපිරීම දියත් කිරීමත් සමඟ ලොව පුරා පෝලියෝ රෝගීන් 99 කට වඩා අඩු වුණා.

පෝලියෝ වෛරස් ප්‍රභේද තුනෙන් දෙකක් ගෝලීයව මුලිනුපුටා දමන ලද අතර, තුන්වැන්න පකිස්ථානයට සහ ඇෆ්ගනිස්ථානයට පමණක් ආවේණිකව පවතිනවා.

කොවිඩ් -19 වසංගතය නිසා තත්ත්වය තවත් උග්‍ර වුණේ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය කොරෝනා වයිරසය පැතිරීම නැවැත්වීම සඳහා යොමු වීමත් සමඟ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාර නතර වීමත් සමඟයි.

එහි ප්‍රතිඵලයක් ලෙස, 2020 දී අසල්වැසි ඇෆ්ගනිස්ථානයෙන් පෝලියෝ රෝගීන් 56ක් වාර්තා වුණා.

පාකිස්ථානයේ ජාතික හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද මෑත කාලීන සමීක්ෂණයකින් හෙළි වී තිබුණේ  සුක්කුර්, රාවල්පින්ඩි, ලාහෝර්, මර්දාන්, පෙෂාවර්, බන්නු, කම්බාර් සහ හයිද්‍රාබාද් ඇතුළු නගර 12 කින් එකතු කරන ලද අපද්‍රව්‍ය සාම්පලවල පෝලියෝ වයිරසය ඇති බවටයි.

ගෝලීය පෝලියෝ තුරන් කිරීමේ මුලපිරීම අනුව, නිල මට්ටමින් පෝලියෝ රෝගයෙන් තොර රටක් ලෙස සැලකීමට නම්, රටක් අවම වශයෙන් වසර තුනක්වත් පෝලියෝ වයිරසය සම්ප්‍රේෂණය වී නොමැති බව පෙන්විය යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පචයා ගමට එනවා, ලෑස්ති වෙලා හිටපල්ලා
05:03
Video thumbnail
නාමල්ගේ ආණ්ඩුවක් හදමු - මිනිස්සු නාමල්ව වටකරගන්නවා
08:13
Video thumbnail
නාමල්, ජනාධිපතිට දාපු කින්ඩිය
09:54
Video thumbnail
මිනිස්සුන්ට විහිළු සැපයූ ඒකාබද්ධ විපක්ෂයේ සම්මේලනය
04:14
Video thumbnail
පැලවත්තේ ටිල්වින් සමාගම තමයි දැන් රටේ තීන්දු තීරණ ගන්නේ
07:39
Video thumbnail
වතුර නැතුව අසරණ වුණු අලි සෙට් එක ගම් වදී
01:01
Video thumbnail
අපිට බදු ගෙව්වේ නැත්තම් රජය ලොස් වෙනවා - ඔයාලට පඩි ගෙවන්නෙත් අපේ සල්ලිවලින්
04:01
Video thumbnail
මේක කඩන්න අපි ආණ්ඩුවට ඉඩ දෙන්නේ නෑ - මේ ආණ්ඩුවට දුන්නේ මේවා කරන්න ද..?
06:54
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22