පාකිස්තානයේ භූ උපායමාර්ගික පිහිටීම මූලෝපායික වශයෙන් තවදුරටත් වැදගත් ද ?

ලොව නැගෙනහිර සහ බටහිර අතර දොරටුවක් ලෙස පැවති පකිස්ථානයේ  ‘භූ උපායමාර්ගික පිහිටීම’ දැන් එක්ව ඇත්තේ අතීතයටයි.

ගෝලීය බල හුවමාරුව සමඟ රැඳී සිටීමට පොරබදන ඉස්ලාමාබාදය මේ වන විට පවතින්නේ ගෝලීය පිටියෙන් තරමක් හුදෙකලා ස්ථානයකයි.

පාකිස්තාන අධ්‍යාපන ක්‍රමයේ සිටින සෑම සිසුවෙක්ම එරට භූ මූලෝපායික තත්ත්වය පිළිබඳ සංකල්පය සම්බන්ධයෙන් ඉගෙන ගැනීමේදී අවධානය යොමු කෙරෙන්නේ කලාපීය පිහිටීම අනුව පකිස්ථානය හිමිකරගෙන සිටි අසාමාන්‍ය ප්‍රතිලාභය පිළිබඳවයි.

ප්‍රශ්නය නම් පාකිස්තානයේ පිහිටීම උපායමාර්ගිකව වැදගත් වූයේ කෙසේද යන්නයි.

මුහුදට පිවිසීමට ඇති අවකාශය වැනි භූගෝලීය ලක්ෂණ පමණක් මෙම ස්ථානයේ පිහිටීමේ වැදගත්කම ලෙස  දැක්වීම නුවණට හුරු නොවන බව භූදේශපාලනික විශේෂඥයන් පෙන්වා දෙනවා.

එය හුදෙක් භූගෝලීය අහඹු සිදුවීමක් වන අතර ගෝලීය ගැටුම්වල දී පකිස්ථාන⁣යේ ක්‍රියාපිළිවෙත පැහැදිලි කිරීමේ දී භුගෝලීය පිහිටීම එතරම් අදාළ නොවන බව ඔවුන්ගේ අදහසයි.

පකිස්තාන ආර්ථිකයට ඩොලර් ගලා ඒමට හේතුවක් වී තිබුණේ සැබවින්ම ඔවුන් සතු ඉතිහාසයයි.

පකිස්ථාන ඉතිහාසයේ පසුගිය වසර 75 තුළ සිදු වූ වැදගත්ම සිදුවීම් පසුකර යමින් තිබෙනවා.

ඇෆ්ගන් ජිහාඩ්  ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය, ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීම යනාදී ක්‍රියාවලට සහභාගී වන ලෙස එක්සත් ජනපදය පකිස්ථානයට බලපෑම් එල්ල කළා.

පකිස්ථානය බටහිරට ගැති නොවී, නොබැඳි ලෙස සිටියේ නම්, ‘භූ මූලෝපායික පිහිටීම’ පිළිබඳ වර්තමානයේ පවතින ආකාරයේ කතිකාවක් නිර්මාණය නොවනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

නමුත් දැනට බංකොලොත්භාවයට පත්ව සිටින මෙම රාජ්‍යයට මුල් කාලයේ ඩොලර් රැගෙන ආ ප්‍රභවයක් බවට පත්වූයේ ඇමරිකානු සන්ධානයයි.

ඇෆ්ගනිස්ථානයෙන් එක්සත් ජනපදය ඉවත්වීම ඉස්ලාමාබාදයට වොෂින්ටනය කළ අවසාන ඉල්ලීම වී තිබුණා.

එතැන් පටන් ඉස්ලාමාබාද් අගනුවර ප්‍රතිපත්ති සම්පාදකයින්ට උදා වූයේ  දුක්ඛිත තත්ත්වයක්.

රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැටී රටෙහි ඉදිරිය කුමක් වේද යන්න සම්බන්ධයෙන් දැන් පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

භූ විද්‍යාත්මකව පිහිටි ස්ථානයෙහි වෙනසක් සිදු වී නොමැති වුවත් පාකිස්තානය දැන් අතීතයේ ලැබූ ආකාරයේ ඉපැයීමට හිමිකම් කියන්නේ නැහැ.

පකිස්තානයට චීනය සමඟ විශේෂ බැඳීමක් නොතිබුණේ නම්, වොෂින්ටනය ඔවුන්ට දිගටම එයට සහාය දිය හැකිව තිබූ බව විචාරක මතයයි. 

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සිය උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වෙනත් හවුල්කරුවෙකු තෝරාගෙන සිටිනවා.

චීනය සමග එක්සත් ජනපදයේ  එදිරිවාදිකම් පිළිබඳ මෙවර සංකල්ප දරන්නේ ඉන්දියාවයි.

ඉන්දියාවට පකිස්ථානයට සමාන භූගෝලීය ලක්ෂණ තිබීම ඇමරිකාවට ඇති සුවිශේෂි වාසියක්.

භූ දේශපාලනික ගැටුම් නිර්මාණය වෙමින් තිබෙන කලාපයක් ආසන්නයේ සිටීම සහ චීන ව්‍යාප්තියට අභියෝග කිරීම සඳහා එක්සත් ජනපදය සමඟ හවුල් වීමට ඉන්දියාවටත් එය කදිම තේරීමක් වනවා.

ඉන්දියාව දැනටමත් දියුණු වෙමින් සිටින අතර එය වසර කිහිපයකින් ලොව තුන්වන විශාලතම ආර්ථිකය බවට පත්වනු ඇති බවටයි පුරෝකථනය කර ඇත්තේ.

එසේම ජාත්‍යන්තර ප්‍රජාවේ අනෙකුත් දැවැන්තයින් විසින් කිහිප වතාවක්ම නැවත තහවුරු කර ඇති කැපී පෙනෙන විදේශ ප්‍රතිපත්තියක් ඉන්දියාව සතුව පවතිනවා.

ඉන්දු-ඇමරිකා සබඳතා මේ වන විට පවතින්නේ උපරිම මට්ටමකයි. 

ඔවුන්ගේ ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 128 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් ප්‍රතිපත්තිය මගින් ඉන්දියානු සාගරයේ විශාලතම උපායමාර්ගික හවුල්කරු ලෙස නම් කර සිටින්නේද ඉන්දියාවයි.

ඔවුන් අතර සබඳතාව කෙසේද යත් මතභේදයට තුඩුදී ඇති මැක්මහෝන් රේඛාව ඉන්දියාව සහ චීනය අතර ජාත්‍යන්තර දේශසීමාවක් ලෙස පිළිගන්නා බවට වන යෝජනාවක් මෑතකදී එක්සත් ජනපද සෙනෙට් සභාව විසින්  අනුමත කරනු ලැබුවා.

මෙම යෝජනාව හරහා සෙනෙට් සභාව අරුණාචල් ප්‍රදේශ් ඉන්දියාවේ අනිවාර්ය අංගයක් බවට පත් කිරීම චීනය කෝපයට පත් කිරීමට හේතුවක් බවටත් පත්ව තිබෙනවා.

නවදිල්ලිය කිසි විටෙකත් මෙය ඉල්ලා නොසිටියද, එය සැලකෙන්නේ ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකව ලැබූ ජයග්‍රහණයක් ලෙසයි.

පාකිස්ථානය වරක් ඇමරිකානුවන්ගේ විශාලතම ප්‍රතිලාභීන් අතර සිටිය ද බොහෝ ප්‍රතිපත්ති සම්පාදකයින් මිලිටරි ආධාර ලැබීමෙන් ඔබ්බට ක්‍රියාත්මක වී තිබුණේ නැහැ.

මෙම නොසලකා හැරීමේ ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ අබලන් වූ ආර්ථිකයක, වාර්තාගත ඉහළ බුද්ධිගලනයක් සහ ඉහළ උද්ධමනයක්.

දැනට පවතින තත්ත්වය සලකා බැලීමේදී පෙනී යන්නේ අතීතයේ පකිස්ථානයට තිබූ භූ මූලෝපායික තත්ත්වය දැන් ඉන්දියාවට පවරා දී ඇති බවයි.

එක්සත් ජනපදය  ඉන්දියාව සමග ඇති සහයෝගීතාව ඉහළ නැංවීමත් සමඟ, ඉන්දියාව මෙම තත්ත්වය හැකිතාක් අත්පත් කර ගැනීමට වගබලා ගෙන තිබෙනවා.

අනෙක් අතට පකිස්තානය දැන් සිදුව ඇත්තේ ණය ගෙවීම සඳහා තවත් ණයක් ලබා ගැනීමට පොරබදමින් සිටින තත්ත්වයක් වුවත් ඒ සම්බන්ධ සුබවාදී බලාපොරොත්තු තැබිය නොහැකියි.

විචාරකයින් පෙන්වා දෙන්නේ  පකිස්ථානයේ වත්මන් තත්ත්වය නව සාමාන්‍ය තත්ත්වය බවට වටහා ගැනීමට කාලය එළඹ ඇති බවයි.

කලාපීය හා ගෝලීය මට්ටමින් හුදකලා වීම වළක්වා ගැනීම සඳහා පාකිස්තානු පාලකයින්  ජාතික අවශ්‍යතා තේරුම් ගත යුතු  බවත් වර්ධනය වෙමින් පවතින කලාපීය සහ ගෝලීය ආර්ථිකයේ බලවතා වන ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍යකරණය කිරීමත්  අතිශයින් වැදගත් වන බවත් විචාරක මතයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22