දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් ගොඩනැඟීමට චීනයෙන් විශේෂ ව්‍යාපෘති

රටේ පහත වැටෙන උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා දරුවන් බිහි කිරීමේ මිත්‍රශීලී  පරිසරයක් ඇති කිරීමට චීන බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ යටතේ “නව යුගයේ” විවාහ සහ දරුවන් බිහි කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට චීනයේ නගර 20 කට වැඩි ගණනක නියමු ව්‍යාපෘති දියත් කිරීමට නියමිතයි.

කාන්තාවන්ට විවාහ බීම සඳහා දිරි ගැන්වීමටත් දරුවන් ලැබීමට දිරිගැන්වීමත් රජයේ ජනගහන සහ සාඵල්‍යතා පියවරයන් ක්‍රියාත්මක කරන ජාතික ආයතනය වන චීනයේ පවුල් සැලසුම් සංගමය, ව්‍යාපෘති දියත් කරන බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණා.

විවාහයන් ප්‍රවර්ධනය කිරීම, සුදුසු වයස්වල දී දරුවන් ලැබීම, දරුවන් ඇති දැඩි කිරීමේ වගකීම් බෙදාගැනීමට මාපියන් දිරිමත් කිරීම සහ ඉහළ මංගල්‍යය වියදම් සහ අනෙකුත් යල් පැන ගිය චාරිත්‍ර වාරිත්‍ර සීමා කිරීම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් බවයි ග්ලෝබල් ටයිම්ස් වාර්තා කර තිබුණේ.

නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කරන නගරවලට නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් වන Guangzhou සහ චීනයේ Hebei පළාතේ Handan යන නගර ද ඇතුළත් වනවා.
චීනයේ පවුල් සැලසුම් සංගමය 2022 වසරේ සිට බීජිං ඇතුළු නගර 20ක මෙම ව්‍යාපෘති දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

චීනයේ ජනවිකාසඥයෙකු වන යාෆු පවසන්නේ විවාහය සහ දරු ප්‍රසූතිය පිළිබඳ සංකල්පය පිළිබඳ සමාජයේ තරුණ තරුණියන්ට වඩාත් මග පෙන්විය යුතු බවයි.

මෙම ව්‍යාපෘති පැමිණෙන්නේ බදු සහන, නිවාස සහනාධාර සහ තුන්වන දරුවා බිහිකිරීම සඳහා නොමිලේ හෝ සහනාධාර සහිත අධ්‍යාපනය ඇතුළුව දරුවන් බිහි කිරීම සඳහා ජනතාව පෙළඹවීම සඳහා චීනයේ විවිධ පළාත් යටතේ ක්‍රියාත්මක වන ක්‍රියාමාර්ග රාශියක් මධ්‍යයේයි.

චීනය 1980 සිට 2015 දක්වා  එක් දරු ප්‍රතිපත්තිය  දැඩිව ක්‍රියාවට නංවා තිබුණා.

ඒ, අනුව දශක හයකට පසු  චීනයේ ප්‍රථම ජනගහන පහත වැටීම සහ වේගවත් වයස්ගත වීමක් වාර්තා වූ අතර ඒ ගැන චීන බලධාරීන්  කනස්සල්ලට පත් වුණා.

ඒ අනුව රජයේ දේශපාලන උපදේශකයින් මාර්තු මාසයේදී යෝජනා කළේ රටේ සශ්‍රීකත්ව අනුපාතය ඉහළ නැංවීම සඳහා අවිවාහක කාන්තාවන්ට සිය ඩිම්බ අධි ශීත කිරීමේ ක්‍රමවේදවලට ප්‍රවේශය තිබිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10