ළමා වින්දිතයින් සහ චූදිතයන් මාධ්‍ය මඟින් නිරාවරණය කිරීම වැලැක්වීමට පියවර ගැනීමට සැරසෙයි

ළමා වින්දිතයන් සහ චූදිතයන් මාධ්‍ය මඟින් නිරාවරණය කිරීම හේතුවෙන් විශාල සමාජ ගැටළු රැසක් ඇතිවී තිබෙන බවත් ඒ නිසා එය වැලැක්වීම සඳහා වහා පියවර ගත යුතු බවත් ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න අවධාරණය කරනවා.

ඇය මේ බව සඳහන් කළේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා (24) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන වන පරිවාස සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා රක්ෂක අධිකාරිය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක වන ආයතන වන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි සේවය, ලේක්හවුස් ආයතනය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යන රාජ්‍ය මාධ්‍ය ආයතන මෙම සංසදය වෙත කැඳවා තිබුණා.

විශේෂයෙන් ළමා අපයෝජන සහ ළමා අපචාර සිදු වන අවස්ථා වලදී ළමයින්ගේ අනන්‍යතාවන් මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීම අදාළ දරුවන්ගේ ජීවිතවලට විශාල බලපෑමක් එල්ල වන බව මෙහිදි සාමජික මන්ත්‍රීවරයන් විසින් පෙන්වා දුන්නා.

මෙහිදී රාජ්‍ය මාධ්‍ය ආයතන නිලධාරීන් පෙන්වා දුන්නේ දරුවන් සම්බන්ධ ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමේ දී තම ආයතන ප්‍රමිතියක් අනුගමනය කරන බවයි.

ඒ, අනුව සංසද සමාජිකත්වය එකඟ වූයේ මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ඊලඟ රැස්වීම සඳහා සියළු මාධ්‍ය ආයතන කැඳවිය යුතු බවයි.

එයට අමතරව මෙරට ළමා නිවාසගත දරුවන්ගේ තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සංසදයේදී සාකච්චඡා කෙරුණා.

එහිදී අවම ප්‍රමිති මාලාවන්ට අනුවවත් අදාළ ආයතන පවත්වා ගැනීම, ළමුන් රැක බලා ගන්නා කාර්ය මණ්ඩලවල හිඟකම, මෙම ස්ථාන වල සනීපාරක්ෂාව ප්‍රමාණවත් නොවීම, දරුවන්ට ප්‍රමාණවත් පරිදි මනෝ සමාජීය ප්‍රතිකාර ලබාදීම, වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විට ළමා නිවාසගත දරුවන් සමාජගත කිරීමේ ක්‍රියාවලිය, ළමා නිවාසවල සිටින දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග සහ ළමා නිවාස නිසි අධීක්ෂණයට යටත් කිරීම ආදී කරුණු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වුණා.

ළමා අයිතිවාසිකම් පිළිබඳ ජිනීවා කමිටුව ශ්‍රී ලංකාවේ ළමා නිවාස සම්බන්ධයෙන් නිර්දේශ ලබා දී ඇති බවත්, එහිදී පුහුණු කාර්ය මණ්ඩල හිඟකම, ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම ආදි කරුණු රැසක් දැක්වෙන බවත් නිලධාරීන් මෙහිදි පෙන්වා දුන්නා.

ළමා නිවාස ගත දුරුවන්ට වෘතීය පුහුණුව ලබාදිමේ වැදගත්කම පිළිබඳ මෙහිදී දිර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් වූ අතර, අවුරුදු 18 ඉක්මවූ දරුවන් සමාජගත කිරීටම් සුදුසු වැඩපිළිවෙලක අවශ්‍යතාවය සහ ඔවුන්ට ස්වයං රැකියාවල නිරතවීම‍ට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමේ වැදගත්කමද මෙහිදි අවධාරණය කෙරුණා.

එයට අමතරව ළමයින් සඳහා විකල්ප රැකවරණ යෝජනා ලෙස කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වාදීම, ඥාතීන්ගේ රැකවරණයට දරුවන් පත් කිරීමල දේශීය හදාවඩා ගැනීම්, ආදී කරුණු පිළිබඳව ද සංසදයේදී සාකච්ඡාවල ලක් වුණා.

එමෙන්ම ළමා සැකකරුවන් සම්බන්ධයෙන් වන යෝජනා ලෙස සුළු වරදවල් සඳහා සමථ මණ්ඩලය වෙත යොමු කිරීම, වෙනත් විකල්ප දණ්ඩනයන්ට යටත් කිරීම, ආයතනික විශෝධනය අවසාන විකල්පය ලෙස භාවිත කිරීම ආදී කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17