සුපිරි ක්‍රීඩකයින් 04ක් යළි කොදෙව් කණ්ඩායමට එක්කර ගැනීමට ඩැරන් සැමී සාකච්ඡාවල

බටහිර ඉන්දීය කොදෙව් එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් නව පුහුණුකරු ලෙස පත්කළ ඩැරන් සැමී කොදෙව් සුපිරි ක්‍රීඩකයින් කිහිප දෙනෙක් යළි කණ්ඩායම් සමඟ එක්කර ගැනීමට සාකච්ඡා අරඹා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව ප්‍රහාරාත්මක පිතිකරුවන යුගලයක් වන ෂිම්රොන් හෙට්මයර් සහ එවින් ලුවිස්, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ඩ්‍රේ රසල් මෙන්ම දඟ පන්දු යවන ක්‍රීඩක සුනිල් නරේන් සමඟ මෙලෙස සාකච්ඡා අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

එවින් ලුවිස් නිමා වූ සී.පී.එල්. තරගාවලියෙන් පසුව ඔහු බටහිර ඉන්දීය කොදෙව් තේරීම් සඳහා ඉදිරිපත්ව නොමැති අතර, රසල් 2021 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ක්‍රීඩා කර නැහැ.

එමෙන්ම සුනිල් නරේන්ගේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් වරට නියෝජනය කර ඇත්තේ 2019 අගෝස්තු මාසයේදීයි.

ප්‍රහාරත්මක පිත්කරු ෂිම්රොන් හෙට්මයර්ට ද මෑතක සිට කොදෙව් සංචිතයක් සඳහා එක්වීමේ අවස්ථාව හිමිවූයේ නැහැ.

සිය නව තනතුරේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඩැරන් සැමී මාධ්‍යට සඳහන් කර සිටියේ තම දිගු කාලීන අරමුණ වී ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රේණිගත කිරීම්වල ඉහළ තැනකට ඔසවා තැබීම බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26