ගුවන්තොටේ යකා නටා රටට ඇතුළු වූ චීනාගේ කැරැට්ටුව අධිකරණයේ දී හෙළිවෙයි

පසුගියදා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් මහත් ආන්දෝලනයකට තුඩුදුන් චීන ජාතිකයා චීන රජය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබ සිටින පුද්ගලයකු බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

තමන්ව චීනයට පිටුවහල් කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා අදාළ චීන ජාතිකයා විසින් ගොනු කළ රිට් පෙත්සම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම දැනුම්දීම සිදුකළා.

මෙම චීන ජාතිකයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් චීන රජය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලැබූ පුද්ගලයෙකු බවත් හෙළි වී තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ට පහරදුන් බවත් මේ හේතුවෙන් තුවාල සිදු වූ බවත් අදාළ චීන ජාතිකයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබුණා.

එම තුවාල තමන් විසින් ස්වෙච්ඡාවෙන්ම සිදුකරගත් ඒවා බවට අදාළ චීන ජාතිකයා විසින් අධිකරණ වෛද්‍ය නිළධාරියා හමුවේ පිළිගෙන තිබෙන බවත් අනාවරණය වී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජිව ජයවර්ධන අධිකරණය හමුවේ දක්වමින් අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අවසර දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල අනතුරුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටද තීන්දු කළා.

පෙත්සම්කාර චීන ජාතිකයා සතුව චීන සහ ගිනි රාජ්‍යයේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර ඒ අතුරින් ගිනි රාජ්‍යයට අයත් විදේශ ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට චෝදනා කරමින් ඔහු අත්අඩංගුවට ගැනීමට මෙරට ආගමන හා විගමන නිලධාරීන් කටයුතු කර තිබූ බව පෙත්සමේ සඳහන් වෙනවා.

ඒ, අනුව තමන්ව චීනයට පිටුවහල් නොකොට ඩුබායි රාජ්‍යයට පිටුවහල් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔහු සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

  1. CHINA DRUG TRAFFICERS LA KIRI DEELA NALAWANNE NAHE. NADUWA AHALA IWARAYI. APE WAGEYI KALU COAT KARAYO POSATH KRANNA NADU KIYANA EKAGE GE DORA WIKUNALA PARATA WATENAKAM INNE NAHE. MU SATHIYAK ATHULATHA OLUWATA SHOT EKA THIYALA MARALA DAYI. EHEH KOTI 200 TA ASANNA JANATHAWAK INNAKOTA MEHE EWUN KARANAWA WAGEYI NEETHIYA EHETA MEHETA NAWA NAWA INNA BAHE, EHEMA INNETH NAHE. KOHOMATH MU EHEH WARADA KARU KARALA THIYENA NISA SHOT EKA SURE



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56