අයි.ඩී.එච්. රෝහලේ සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද (29) පෙරවරුවේ ආරම්භ වුණා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ද විභාග මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව වාර්තා වනවා.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන, ඩෙංගු රෝගය වැළඳුණු සිසුන් 18 දෙනෙකු එහි ප්‍රතිකාර ලැබීමත් සමඟයි මෙම විශේෂිත විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ සඳහන් කළේ මෙම විභාග අපේක්ෂකයින් සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ පහසුකම් සැලසීමට මේ වනවිට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම ජාතික බෝවන රෝග විද්‍යායතනය තුළ මේ වනවිට ඩෙංගු රෝගීන් 96 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51