අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය රිමාන්ඩ් (වීඩියෝ)

බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අද (28) දිනයේ ඇය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

මැය ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වුණේ රටින් පිටවීමට උත්සාහ කිරීමේදීයි.

කටුනායක ගුවන් තොටුපොළෙන් මැලේසියාව බලා ගොස් පසුව සිංගප්පුරුවට යෑම ඇයගේ සැලැස්ම වී තිබුණා.

https://youtu.be/mBW6b9k56AA