ඉන්ධන කෝටාව යළි ඉහළට

ජාතික ඉන්ධන අවසර පත්‍ර (QR) පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඉහළ යනු ඇති බවයි අමාත්‍ය කාංචන විජේසේකර කියාසිටියේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

මිට අමතරව මෙම සාකච්ඡාවේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැලැස්ම, මූල්‍ය සහ බෙදාහැරීමේ සැලසුම් ද සමාලෝචනය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
22
+1
4
+1
2
+1
8
+1
23
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?