ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි හමුවී තිබෙනවා.

මෙම හමුව ටෝකියෝ නුවර දී පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු කෙරුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි හමු වී සාකච්ඡා පැවැත්වනු ලැබුවා .

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ආර්ථිකය සහ සංස්කෘතිය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක සහයෝගීතාව වර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ජනධිපතිවරයාගේ මෙම සංචාරය අතර තුර වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තරං ලූ ක්වාං අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේ දී දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතාව ශක්තිමත් කිරීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ජනාධිපතිවරයා, ජපානයේ ඩිජිටල් පරිවර්තන අමාත්‍ය තාරෝ කොනෝ අතර සාකච්ඡාවක් සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03