පොලිස් නිලධාරියෙකුට පහරදුන් 3 දෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරියෙකුට පහර දී රාජකාරියට බාධා කළ බව කියන තරුණයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෑලියගොඩ ජේයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පාලම අසලදී රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුටයි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් විසින් ඊයේ 24 රාජකාරියට බාධා කර පහරදීම සිදු කර තිබුණේ.

ඒ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අදාළ පොලිස් නිලධාරියා උදෑසන රථ වාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටියදී ආරක්ෂිත හිස්වැසුම් නොමැති පුද්ගලයෙකු යතුරුපැදයකින් රැගෙන යමින් සිටියදී එය නවතා පරීක්ෂා කිරීමට ගොස් තිබෙනවා.

එහිදී යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනා සහ එම ස්ථානයට පැමිණි කාන්තාවක් නිලධාරියා සමග ආරවුලක් ඇතිකරගෙන ඔහුට පහරදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇත්තේ පට්ටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 සහ 21 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් සහ 50 හැවිරිදි කාන්තාවක්.

ඔවුන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51