AFC Banner
Empty Ad
Empty Ad

කොටි සාමාජිකයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

කොළඹ ප්‍රදේශයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය සහ මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු කොටි සාමාජිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා.

මෙසේ දඬුවම් නියම වුයේ තංගවේලු නිමලන් නමැත්තෙකුටයි.

2009 වසරේ රත්මලාන ප්‍රදේශයේදී මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් සී-4 වර්ගයේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1 1/2ක් හා ජීව උණ්ඩ ලඟ තබාගත් බවට චෝදනා කරමින් විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළා.

ඒ, අනුව විත්තිකරුට ජීවීතාන්තය දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කරන බවත් තීන්දුව ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?