තරුණියකට කැත වැඩක් කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

ඉඳුරුව ප්‍රදේශයේ නිවසක් තුළ දී 27 හැවිරිදි තරුණියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කෙසෙල්වත්ත පොලිසියට අනියුක්තව සේවයකරන පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය විසින් අදාළ සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකාර පොලිස් නිලධාරියාගේ අසනීප තත්ත්වයෙන් පසුවන මවට සාත්තු කිරීම සඳහා පැමිණෙන කාන්තාවගේ දියණියව මෙලෙස අපයෝජනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරුණියගේ මව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු පවසා ඇත්තේ, නිවසේ තිබූ රුපියල් 10,000ක මුදලක් නැතිවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් තමාට විරුද්ධව මෙම පැමිණිල්ල සිදුකර ඇති බවයි.

අතවරයට පත් වූ බව කියන තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28