ලබන බදාදා පාර්ලිමේන්තු සැසිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කෙරේ

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලබන 24 වනදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එම විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට නොහැකි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිදහසට ඊට අදාළ කරුණු දැක්වීම පසුව සිදුකළ යුතු වනවා.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම සඳහා නිකුත්කරනු ලබන නිවේදනය ‘ඉරි තුනේ නිවේදනය’ ලෙස හඳුන්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51