විදෙස් ගමන් තහනම් 4ක් තිබියදී රටින් පළාගිය සැකකරු අත්අඩංගුවට

අධිකරණයෙන් විදෙස් ගමන් තහනම් නියෝග හතරක් තිබියදී ඩුබායි රාජ්‍යයට පළා ගොස් නැවත පැමිණි මැණික් ව්‍යාපාරිකයෙකු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයෙක්.

වටිනා මැණික් ගල් ලබාගෙන අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් විභාග වන නඩු හතරක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතින් සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනම් නියෝග හතරක් ලබාගෙන තිබී ඇතැයි සඳහන්.

ඔහු රටින් පළා ගොස් සිටි බවට පොලිසිය තහවුරු කරගෙන සිටි නමුත් කළුතර අධිකරණයේ විභාග වන නඩුවකට නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත්ව සිට තිබෙනවා.

අධිකරණ භූමියේදී සැකකරු හඳුනාගෙන පසුව කළ විමර්ශනවලින් පසුවයි පොලිස් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු ඩුබායි රාජ්‍යයට පළා ගොස් සිට පසුගිය 15 වනදා දිවයිනට පැමිණ ඇති බවට හෙළිවී තිබෙනවා.

විදෙස් ගමන් තහනම් හතරක් පනවා තිබියදී ඔහු රටින් පළා ගියේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් වෙනම විමර්ශනයක් සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48