විදුලිසැර වැදීමෙන් මව සහ පුතා රෝහලේ

වරකාපොළ තුල්හිරි ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් මවක් සහ දරුවෙකු තුවාල ලබා තිබෙනවා.

ඊයේ (21) සවස විදුලි සැර වැදීමට ලක්වූ ඔවුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ 37 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ දරුවා 12 හැවිරිදි වියේ පසුවනවා.

ප්‍රදේශයේ නිවසක් අසල පිහිටි ගසකට නැග එහි අත්තක් කපමින් සිටි 12 හැවිරිදි පිරිමි ළමයාට විදුලි සැර වැදී ඇත්තේ කපන ලද අත්තක් අධි බලැති විදුලි රැහැනක් මතට පතිත වීමෙන්.

ඔහුට විදුලිසැර වැදී බිමට ඇද වැටී ඇති අතර අසල සිටි මව දරුවා ගැනීමට යාමේදී ඇයට ද විදුලිසැර වැදී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව ඔවුන් දෙදෙනා වරකාපොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

වරකාපොළ පොලිසියයි මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ ගැටුමේ ඇසින් දුටු රැඳවියාගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:25
Video thumbnail
දරුවන් ඇතුළු සියලු දෙනාට Ceylon Green Life Plantation වගාබිම් නැරඹීමේ හැකියාව හැමෝටම විවෘත වෙයි
01:52
Video thumbnail
ප්‍රභාටත් කරගන්න බැරිවෙච්ච වැඩේ මේ ආණ්ඩුව කරන්න හදනවා
08:40
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි.. ළඟ ළඟ වාඩිවෙලා ඉන්න හැටි
01:02
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
04:47
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
01:08
Video thumbnail
අධිකරණ කටයුතු වේගවත් වෙන්නේ නෑ - කවුරුත් ඉල්ලපු නැති දෙයක් කරන්නේ
02:57
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11