ආනයනය නතර කරනවා නම් මිල අඩු කරනවා – බිත්තර නිෂ්පාදකයන් කියයි

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලකට බිත්තර අලෙවි කිරීමට හැකියාව පවතින බව බිත්තර නිෂ්පාදකයින් පවසනවා.

ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක කියා සිටියේ මහජනතාවට සුදු බිත්තර රුපියල් 43කට සහ සහ දුඹුරු බිත්තර රුපියල් 45ක් වැනි මුදලකට රට පුරා ආර්ථික මධ්‍යස්ථානවල සහ විවෘත වෙළඳපොලේ මිලදී ගත හැකි බවයි.

එබැවින් දේශීය කුකුළු කර්මාන්තයට විශාල බලපෑමක් ඇති කර ඇති බිත්තර ආනයනය නතර කරන ලෙසටයි ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

ශ්‍රී ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ කුකුළු ගොවීන් සඳහා සහනාධාර, දිරිගැන්වීම් සහ සත්ව ආහාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ආනයනය කිරීමට රජය බදු සහන ලබාදිය යුතු බවයි.

රට බිත්තරවලින් ස්වයංපෝෂිත කිරීමට එය හේතු වනු ඇති බවටයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම තරුණ තරුණියන් 20,000ක් පමණ පුහුණු කිරීමෙන් පසු කුකුළු ගොවිපළ 15,000ක් මේ මාසයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද සරත් රත්නායක මහතා සඳහන් කළා.

දෛනික දේශීය පරිභෝජනය සඳහා බිත්තර මිලියන හතකට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වන නමුත් දැනට නිෂ්පාදනය කරන්නේ බිත්තර මිලියන හයක් පමණක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වෙළෙඳ පොළේ පවතින බිත්තර හිඟය සහ මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මේ වසර මුලදී ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

ඉන්දියාවෙන් ගෙන්වූ එම බිත්තර ලබා දුන්නේ බේකරි සහ හෝටල් හිමියන්ට පමණක් වන අතර දේශීය නිෂ්පාදකයින් බිත්තර මිල අඩු නොකළහොත් ආනයනික බිත්තර විවෘත වෙළෙඳපොළේ අලෙවි කිරීමට ද බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
25
+1
3
+1
1
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23