AFC Banner
Empty Ad
Empty Ad

පකිස්ථානයේ අන්තර්ජාල අත්හිටුවීමෙන් එරට ආර්ථිකයට දැඩි මූල්‍ය පාඩුවක්

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය  ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ නොසන්සුන්තා හේතුවෙන්  එරට රජය අන්තර්ජාල සේවා අත්හිටුවීමට සහ සමාජ මාධ්‍ය වේදිකා අවහිර කිරීමට පියවර ගැනීමෙන් , රටට පකිස්ථාන රුපියල් බිලියන 2.49ක් අහිමි වූ බව එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කර තිබෙනවා.

පකිස්ථාන ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් ප්‍රධානී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු රට පුරා ඇති වූ ප්‍රචණ්ඩ විරෝධතා හේතුවෙන්, මධ්‍යම රජය අන්තර්ජාල ප්‍රවේශය වසා දමන බව ප්‍රකාශ කළ නමුත් එම සැලැස්ම අසාර්ථක වුණා.

දින කිහිපයක් පුරා පැවති විදුලිය විසන්ධි වීම ව්‍යාපාර, ඊ-වාණිජ්‍යය සහ අන්තර්ජාල අධ්‍යාපනයට එල්ල කළේ දැඩි බලපෑමක්.
එපමණක් නොව, අන්තර්ජාල ප්‍රවේශය අහිමි කිරීම  ප්‍රකාශනයේ නිදහසට එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකූ පුරවැසියන් කෝපයට පත් වූ බව ද එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළා.

පාකිස්ථාන බලධාරීන්  තොරතුරු දැනගැනීමේ අයිතියට අවහිර කිරීම පිළිබඳව ජාත්‍යන්තර ආයතන  කනස්සල්ල පළ කළ අතර, රට තුළ අන්තර්ජාල සේවා යථා තත්ත්වයට පත් කරන ලෙසත් ජනතාවගේ මූලික නිදහසට ගරු කරන ලෙසත් ඔවුන් පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පැවසුවේ ප්‍රකාශනයේ නිදහස, සාමකාමීව රැස්වීම සහ නීතියේ ආධිපත්‍යය දේශපාලන ගැටුම් විසඳීම සඳහා ප්‍රධාන වශයෙන් හේතුවන බවයි.

මේ අතර,ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සදහන් කළේ අන්තර්ජාල සේවා වසා දැමීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස හැඳින්විය හැකි බවයි. ෆේස්බුක්, ට්විටර් සහ යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල තහනම අන්තර්ජාලය වසා දැමීමේ අඳුර යටතේ අනෙකුත් මානව හිමිකම් කඩකිරීම් සඳහා පරිසරයක් ද නිර්මාණය කරන බවත් එම  සීමාවන් වහාම ඉවත් කළ යුතු බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ කලාපීය ප්‍රචාරක ප්‍රධානී රිමෙල් මොහයිඩින් ප්‍රකාශ කළා.

මෙම අන්තර්ජාල තහනම දැනටමත් ආර්ථික ප්‍රශ්න රැසකට මුහුණ දී සිටින පාකිස්ථානයේ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට එල්ල කර ඇත්තේ විශාල පහරක්.

එබැවින් මෙම පියවර ව්‍යාපාර, ව්‍යවසායකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැඩි  විවේචනයට ලක්ව තිබෙනවා.
ව්‍යාපාරවලට බලපෑම් එල්ල වී ඇති බැවින්, ෆෙඩරල් ආදායම් මණ්ඩලයට ආදායමෙන් රුපියල් බිලියන 2 ක් පමණ අහිමි වූ නමුත්, පාකිස්ථාන මෘදුකාංග අපනයන සංගමය පැවසුවේ තොරතුරු තාක්ෂණ අංශයේ දිනක ආදායම ඩොලර් මිලියන 12ක් බවයි. එබැවින් දින තුනකදී තොරතුරු තාක්ෂණ අංශයට රුපියල් බිලියන 10ක පාඩුවක් සිදු වූ බව එම සංගමය  ප්‍රකාශ කර ඇති බවයි එක්ස්ප්‍රස් ට්‍රිබියුන් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත ප්‍රහාරයට ආපු ටිල්වින් සංවේදී වී දිව්රලා කිව්ව කතාව - කවුරුත් ඇසිය යුතුම කතාවක් #npp #akd
07:12
Video thumbnail
මේ ලොකේ කවුරුත්ම සීයට සීයක්ම ගැලපෙන්නේ නෑ
05:51
Video thumbnail
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:53:41
Video thumbnail
ඉතිහාසයේ පළමු වතාවට සහෝදරයෙක් ජනාධිපති වෙලා ඉන්නවා
05:10
Video thumbnail
JVP කරන්නේ සංවේදී අය - අපි ප්‍රේමණීය මිනිස්සු
04:52
Video thumbnail
JR ජයවර්ධන සමයේ බිහිසුණු අත්දැකීම් ටිල්වින් එකින් එක හෙළි කරයි - "ඒ අය කරපු දේවල් අපේ මත පැටෙව්වා"
02:21
Video thumbnail
UNPයේ කවුරුත් නොදන්න නිරුවත ටිල්වින් හෙළි කරයි - "83 ජූලි කලබල ඇතිකළේ මේ අය" #unp #tilvinsilva
01:33
Video thumbnail
ටිල්වින් සිල්වා ඇත්තටම ටිල්වින්ද ? සුසිල්ද ? - කවුද මේ ටිල්වින් කියන සුසිල් #npp #jvp #tilvinsilva
02:10
Video thumbnail
රට පුරා වෙළඳසැල්වල හෙට සිට නාඩු - මෙන්න ජනාධිපති දුන්න උපදෙස #anurakumaradissanayake
01:56
Video thumbnail
ලබන වසරේ සිට බඩ ඉරිඟු ආනයනය සීමා කරමින් දේශීය නිශ්පාදන වලට මුල්තැන දෙනවා
01:16

?