කාන්තාවක් මියගිය සිද්ධියට වැලිකඩ පොලිසියේ 4කගේ වැඩ තහනම්

අත්අඩංගුවට ගත් කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ප්‍රකාශ කළේ මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි.

ඊට අමතරව පොලිස් කොස්තාපල්වරයෙක් සහ කොස්තාපල්වරියන් දෙදෙනෙක් කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණු කොට්ඨාස වෙත මාරු කර යවා තිබෙනවා.

ඊට අමතරව වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා විසින් නිර්දේශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් පසුගිය 11 වනදා වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ශ්වසන අපහසුතාවයකින් පෙළුණු මඩොල්සිම පදිංචි 42 හැවිරිදි තිදරු මවක් මෙලෙස මරණයට පත්වුණා.

අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනුව කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ පොලිසියෙන් විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවටයි.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස්පති සී. ඩී, වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39