IPL පිටියේ සුපිරි හතර දෙනාගේ අවසන් ස්ථාන තුන සඳහා තියුණු සටනක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිය ගමන අතර මඟ අවසන් කරන්නට පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට ඊයේ (19) රාත්‍රියේ සිදු වුණා.

ඒ, ධර්මශාලා හිදී ඊයේ පැවති තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණඩායම හමුවේ කඩුලු 04ක පරාජයක් වැළඳගැනීමට සිදුවීමත් සමඟයි.

පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලියේ මූලික වටයේ තරග 14කට ක්‍රීඩා කරමින් ඉන් තරග 06ක් ජයගෙන තරග 08ක් පරාජය වී මෙවර තරගාවලියට අවසන් කළා.

මේ අතර ඊයේ පැවති තරගය ජයගත් රාජස්ථාන් ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු සටහනේ එක් ස්ථානයක් ඉරිදියට පැමිණීමට සමත් වූ අතර, මේ වනවිට ඔවුන් එහි 05වන ස්ථානයේ රැඳී සිටිනවා.

කෙසේ වෙතත් ඔවුන්ට ද සුපිරි හතරදෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව ඇත්තේ ඉතා සුළු වශයෙන් වීමද විශේෂත්වයක්.

තරගාවලියේ මේ වනවිට සුපිරි හතරදෙනාගේ වටයේ තම ස්ථානය කල්වේලා ඇතිවම වෙන්කර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්ව ඇත්තේ, ඉතිරි ස්ථාන තුන සඳහා කණ්ඩායම් හතරක් අතර තියුණු සටනක් නිර්මාණය කරමින්.

මේ අතර තරගාවලියේ තවත් තියුණු තරග දෙකක් අද (20) පැවැත්වෙන්නේ දිල්ලි නුවර සහ කොල්කටා හී ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගනවලදීයි.

ඒ, අනුව අද (20) දිනයේ පළමු තරගය ලෙස දිල්ලි කැපිටල්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් තරගය පැවැත්වෙන අතර, අද රාත්‍රියේ පැවැත්වෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් අතර තරගයයි.

චෙන්නායි පිළට සහ ලක්නව් පිළට අද සහභාගීවන තරග දෙකේ ජයග්‍රහණයන් වැදගත් වන්නේ ඔවුන් සුපිරි හතර දෙනා අතර රැඳී සිටින ස්ථානය තීරණය කිරීම සඳහායි.

මෙම කණ්ඩායම් දෙක අද (20) පැවැත්වෙන තරගවලින් පරාජය වී හෙට (21) දිනයේ පැවැත්වෙන තරග දෙකෙන් මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජස් යන කණ්ඩායම් ජයගතහොත් චෙන්නායි සහ ලක්නව් කණ්ඩායම්වලට මෙවර තරගාවලියෙන් ඉවත්ව යෑමට සිදුවනවා.

1 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52