විෂ ශරීරගත වූ කෙනෙරක් මරුට

විෂක් ශරීර ගතවීමෙන් මිය ගිය බවට සැක කෙරෙන කෙනරක් සම්බන්ධ පුවතක් මොරගොඩ මෙගොඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වන ජීවී පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 18-20ක් පමණ වන කෙනරක්.

විෂක් ශරීර ගතවීම හේතුවෙන් බරපතල තත්ත්වයේ පසු වූ මෙම සත්වයාට වනජීවී නිලධාරීන් අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර කර තිබුණා.

මෙම කෙනර මානංකට්ටිය, රිටිගල, මොරගොඩ ආදී ප්‍රදේශවල නිරන්තරයෙන් සැරිසැරූ වන අලි රංචුවක සිටි එකෙකු බව සඳහන්.

අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් විසින් මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවා.

වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ විෂ ශරීර ගත වීමකින් එම කෙනර මරණයට පත්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී තහවුරු වූ බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් පසුව ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයාගේ සහය ඇතිව එම කෙනරගේ මළ සිරුර ඊයේ (18) සවස එම ස්ථානයේදීම මිහිදන් කිරීමට කටයුතු කර තිබුණා.

මෙම කෙනෙරට විෂ ශරීරගත වූ ආකාරය පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශණ සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14