දින 1000කට වැඩි කාලයක් චීනයේ සිරකර සිටින ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනිය නිදහස් කරන ඉල්ලීමක්

ඔත්තු බැලීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දින 1000කට වැඩි කාලයක් චීනයේ රඳවාගෙන සිටින ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදිනියක් වන චං ලේ නිදහස් කරන ලෙස නැවත වරක් ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

එහෙත් එරට අධිකරණය තවමත් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී නැහැ. මෙම මාධ්‍යවේදිනියට එල්ල කර ඇති චෝදනාව වන්නේ රාජ්‍ය රහස් විදේශයන්ට නීතිවිරෝධී ලෙස සැපයීමයි. එම චෝදනාව වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි චෝදනාවක්.

චං ලේ ගේ මිතුරන් සහ පවුලේ අය අධිකරණයේ වෙතින් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගෙන දින 1,000ක් ගෙවෙන තැනයි.චීනයේ රැඳවුම් භාරයේ සිටින චං සිදුවීම දෙරට අතර සබඳතාවලට කළු පැල්ලමක් එක් කිරීමට හේතු වී තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ ඕස්ට්‍රේලියානු බලධාරීන් ඇය රඳවා තබා ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කර තිබීමයි.

ඇයගේ හවුල්කරු වන නික් කොයිල් පවසන්නේ අඛණ්ඩ ප්‍රමාදය, චං ලේ සහ ඇගේ දරුවන් දෙදෙනාට පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට චීනය සහ ඕස්ට්‍රේලියාව දරණ ප්‍රයත්නයට ද විශාල හානියක් සිදු කරන බවයි.

ඔස්ට්‍රේලියාවේ සහ ලොව පුරා සිටින බොහෝ ජනතාව ඇය රඳවා තබා ගැනීම පිළිබඳ සෘණාත්මක අදහස් පළ කරන බවත් එය නිරාකරණය කර ගැනීම සැමගේ යහපතට හේතු වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. චං 2020 අගෝස්තු 13 වන දින චීනයේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැගෙන ගොස් තිබුණේ ඇය රැකියාවට යමින් සිටි අතරතුරයි. කොයිල් පවසන්නේ ඇයව රදවාගෙන දින 1,000ක් ගෙවී ඇතත් ඇයව රැගෙන ගියේ ඇයිද යන්න හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධ චෝදනා ඇයට ඉදිරිපත් කළේ කුමන පදනමෙන් ද යන්න හෝ ඇය නැවත අප වෙත පැමිණෙන්නේ කවදාදැයි යන්න හෝ තමන් තවමත් නොදන්නා බවයි.

“ඇයට මුහුණ දීමට ඇති දුෂ්කරම ප්‍රශ්නය වන්නේ ඇය තම දරුවන්ගෙන් බොහෝ කාලයක් ඈත්ව සිටීමයි,” කොයිල් ප්‍රකාශ කරනවා.CNN පුවත් සේවය වාර්තා කළේ ඇය ශාරීරිකව හොඳින් සිටින අතර මානසික වශයෙන්ද ඉතා ශක්තිමත් තැනක පසුවන බවයි.ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong ද මේ සම්බන්ධයෙන් ට්විටර් වෙබ් අඩවියේ ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.එහි දැක්වුණේ “මෙතරම් කාලයක් තම පවුලෙන් වෙන්ව සිටියද, ඇය විශාල ඔරොත්තු දීමේ හැකියාවක් සහ ධෛර්යයක් පෙන්නුම් කර තිබෙනවා . සියලුම ඕස්ට්‍රේලියානුවන්ගේ කැමත්ත ඇය තම දරුවන් සමඟ නැවත එක්වනු දැකීමයි .”යන්නයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිවුල් ඔය ව්‍යාපෘතියට එරෙහිව ගම්මු මහ පාරට බහියි - අපේ ගම්මාන ජලයෙන් යටවෙනවා
04:25
Video thumbnail
ලාල්කාන්තවයි, නාමල්වයි මහ පාරේ ගි# තියයි
01:19
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි
01:35
Video thumbnail
ධීවර නි. ඇමති ධීවර කමිටුවේ කවියෙන්ම දුන්න උපදෙස - "වරදක් කරත් සිතකින් නොවේ.." මේක කරන්නේ
04:32
Video thumbnail
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ අයුරු
03:53
Video thumbnail
වසන්ත මුදලිගේ ආණ්ඩුවට සැරටම දෙසයි - අපිට තේරෙන්නේ නෑ මේ ලොජික් එක
03:59
Video thumbnail
දෙව්ලොව කැලඹිලා වගේ විපක්ෂය දැන් කැලඹිලා - සන්ධාන හදන අයගේ පැටිකිරිය දැන් හෙළිවෙනවා
03:47
Video thumbnail
යකෝ මේක පුදුම වැඩක්නේ - සාධාරණ මිලක් දියන් යකුනේ..ජනතාව මෙල්ල කරන්න බෑ
03:48
Video thumbnail
උඹලගේ ආණ්ඩු ඕනි නෑනේ යකෝ අපි ආණ්ඩුව කරන්නම්කෝ - මේ ඇමතිලට වයර් මාරුවෙලා
11:42
Video thumbnail
Mr. කොත්තු ලංකාවෙන්ම උදව් ඉල්ලයි - පුළුවන්නම් ඇවිල්ලා කොත්තුවක් කාලා යන්න..දැන් බැංකුවලින් කතා කරනවා
05:10