ජාත්‍යන්තර කෞතුකාගාර දින සැමරුම මෝදි  ප්‍රධානත්වයෙන් නවදිල්ලියේදී

2023 ජාත්‍යන්තර කෞතුකාගාර ප්‍රදර්ශනය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවරදී ආරම්භ වනවා.
නවදිල්ලි නුවර ප්‍රගති මයිඩාන්හිදී මෙම සැමරුම පැවැත්වෙන්නේ 47 වැනි ජාත්‍යන්තර කෞතුකාගාර දිනයට සමගාමීවයි. එය ‘Azadi ka Amrit Mahotsav’ හි කොටසක් ලෙස සංවිධාන කර තිබීම ද විශේෂත්වයක්.

මෙම වසරේ ජාත්‍යන්තර කෞතුකාගාර දිනයේ තේමාව වන්නේ “කෞතුකාගාර, තිරසාරභාවය සහ යහපැවැත්ම” යන්නයි.

ප්‍රදර්ශනය සැලසුම් කර ඇත්තේ ඉන්දියාවේ සංස්කෘතික රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන සංස්කෘතික මධ්‍යස්ථාන  පරිණාමය වීම සඳහා වෘත්තිකයන් සමඟ කෞතුකාගාර පිළිබඳ පරිපූර්ණ සංවාදයක් ආරම්භ කිරීමට බව සංවිධායකයින් පවසනවා.
අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් දිල්ලියේ තුන්දින ජාත්‍යන්තර කෞතුකාගාර ප්‍රදර්ශනය ආරම්භවීමෙන් පසු මෝදි එම කෞතුකාගාරයේ උතුරු හා දකුණු කලාපවල සංචාරය කිරීමට ද නියමිතයි.

ඉන්දියාවේ අතීතයට සම්බන්ධ ඓතිහාසික සිදුවීම්, පෞරුෂයන්, අදහස් සහ ජයග්‍රහණ ඉස්මතු කිරීමට මෙම  කෞතුකාගාරය මගින් පුළුල් උත්සාහයක් ගෙන තිබෙනවා. සමාරම්භක අවස්ථාවට සමගාමීව මෝදි විසින් ජාත්‍යන්තර කෞතුකාගාර ප්‍රදර්ශනයේ සංකේතය, “කෞතුකාගාරයේ දවසක්” යන ග්‍රැෆික් නවකතාව, ඉන්දියානු කෞතුකාගාර නාමාවලිය සහ කෞතුකාගාර කාඩ්පත් ද එළිදක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

ජාත්‍යන්තර කෞතුකාගාර ප්‍රදර්ශනයේ සුරතලා ලෙස මෙවර සකස් කර ඇත්තේ   චෙන්නපට්නම් කලා ශෛලියේ ලීවලින් සාදන ලද නර්තන දැරියගේ සමකාලීන පිටපතක්. ග්‍රැෆික් නවකතාවෙන් දැක්වෙන්නේ ජාතික කෞතුකාගාරය නැරඹීමට යන ළමුන් පිරිසක් එහිදී කෞතුකාගාරයේ ඇති විවිධ වෘත්තීය පුවත් අවස්ථා පිළිබඳව ඉගෙන ගන්නා ආකාරයයි.

කෞතුකාගාර කාඩ්පත් යනු රට පුරා ඇති සංකේතාත්මක කෞතුකාගාරවල නිදර්ශන මුහුණුවර සහිත කාඩ්පත් 75 ක කට්ටලයක් වන අතර,  සියලු වයස්වල පුද්ගලයින්ට කෞතුකාගාර හඳුන්වාදීමේ නව්‍ය ක්‍රමයක් වන අතර සෑම කාඩ්පතකම කෞතුකාගාර පිළිබඳ කෙටි තොරතුරු අඩංගු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27