මෙවර සා.පෙළ ලියන සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මෙතෙක් ජාතික හැදුනුම්පත ලබාගෙන නොමැති විභාග අපේක්ෂකයින්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් කරනවා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසන්නේ එම විභාග අපේක්ෂකයින් ඒ සඳහා වන ඉල්ලුම්පත අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාහාම යොමුකළ යුතු බවයි.

ජාතික හැදුනුම්පත සඳහා වන ඉල්ලුම්පත යොමු කළ ද, මෙතෙක් හැදුනුම්පත තහවුරු කරන ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන් එම දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ යුතු බවත් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

හැඳුනුම්පත සඳහා ඉල්ලුම්පත් ඉදිරිපත් කර නොමැති අයදුම්කරුවන් නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම්පත තමන් ඉගෙනුම ලබන පාසලේ විදුහල්පතිවරයා හෝ ස්ථිර පදිංචි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරියාවරයා සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු කළ යුතු බවයි දැනුම් දෙන්නේ.

එමෙන්ම තහවුරු කිරීමේ ලිපිය නොලැබු අයදුම්කරුවන් 011 5226100 හෝ 011 5226126 යන දුරකථනවලට ඇමතීමෙන් විමසීම් කළ හැකි බව ද ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51