දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් සියදිවි නසාගනී

දකුණු කොරියානු ජනප්‍රිය ගායිකාවක් වන හේසූ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

29 හැවිරිදි වියේ පසු වූ හේසූ සියදිවි නසා ගැනීමකින් මියගොස් ඇති බවයි දකුණු කොරියා පොලිසිය සැකපළ කරන්නේ.

පසුගිය 12 වනදා ඇය සිය නිවස තුළ මියගොස් සිටිය දී සොයාගෙන ඇති අතර, සියදිවි නසාගැනීමට පෙර ඇය විසින් ලියා ඇති බවට සැක කෙරෙන සටහනක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ මෙම මරණය පිළිබඳ පුවත ඇයගේ සමීපතමයන් විසින් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊයේ (15) දිනයේ වීම විශේෂත්වයක්.

හේසූගේ අවසන් කටයුතු පෞද්ගලිකව සිදුකරන බවයි ඇයගේ සමීපතමයන් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර මෙම ජනප්‍රිය ගායිකාවගේ මරණය පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසද එම කණ්ඩායම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
4
+1
2
+1
28
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?