බුදුන්ට අපහාස කළ දේවගැති ජෙරොම් ගැන පරීක්ෂණයක්

ආගමික සංහිඳියාවට හානි වන ලෙස දේවගැතිවරයෙකු විසින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායකට නියෝග කර තිබෙනවා.

ඒ, අනුව ඇදලා නියෝග පරිදි වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බව සඳහන්.

වගකීම් විරහිත ඇතැම් ප්‍රකාශ හේතුවෙන් ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ.

ඒ, අනුව අදාළ දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකර තමාට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවයි වාර්තා වන්නේ.

ජෙරොම් ප්‍රනාන්දු නැමැති දේවගැතිවරයෙකු, බුදුන් වහන්සේට අපහාසයක් වන ප්‍රකාශයක් කළ බවට සමාජ මාධ්‍ය හා ඇතැම් මාධ්‍යවල තොරතුරු වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48