ක්‍රීඩා ඇමතිගේ නව ක්‍රීඩා රෙගුලාසිවලට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් සමථයට පත්වෙයි

ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් හඳුන්වා දෙමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ක්‍රිකට් සංගම් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ගොනු කර තිබූ පෙත්සම් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සමතයකට පත් වුණා.

ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී මේ බව ප්‍රකාශ වුණා.

ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත්කරන ලද ක්‍රීඩා රෙගුලාසි අත් හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගොනු කළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ ලැබුවා.

එම අවස්ථාවේදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ සදහන් කළේ මෙම කරුණ සම්බන්ධයෙන් සමථයක් ඇති කරගත හැකි බවයි.

ඒ අනුව ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ක්‍රියාත්මක වීම අගෝස්තු මස පළවෙනිදා සිට බලපැවැත් වෙන බවත් මීට පෙර සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 20 වැනිදා පවත්වන අතර, එය පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වෙනු ඇති බවත් එම සමථ කොන්දේසිවල සඳහන් වුණා.

නිලවරණයෙන් පත්වන නව නිලධාරීන්ට පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව හිමි ධූර කාලය හිමිවන බවත් එම සමථ කොන්දේසී තුළින් සඳහන් වුණා.

ඉන් අනතුරුව ක්‍රීඩා ඇමතිවරයාගේ නව රෙගුලාසි අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනා පෙත්සම් සහ අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට ද ඒ අනුව පෙත්සම්කාර පාර්ශ්වයන් අධිකරණය හමුවේ එකඟතාවය පළ කළා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට විනිසුරු මඩුල්ලේ අවසරය හිමි වුණා.

2022 වසරේ දෙසැම්බර් 14 වැනිදා ක්‍රීඩා ඇමතිවරයා විසින් නව ක්‍රීඩා රෙගුලාසි මාලාවක් ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන කළා.

එම ගැසට් නිවේදනය තුළින් හදුන්වා දී තිබෙන රෙගුලාසි මගින් තමන්ට විශාල අගතියක් සිදුවන බවට චෝදනා කරමින් ක්‍රීඩා සංගම් කිහිපයක් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සම් ගොනුකර තිබුණා.

පසුගිය පෙබරවාරි මස 27 වැනිදා එම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී සියලු පාර්ශ්වයන්ගේ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම රෙගුලාසි අඩංගු ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

එම අභියාචනාධිකරණ නියෝගයට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ විසින් අභියාචන පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16