අනන්‍යතාව තහවුරු කර නොගත් මළ සිරුරු දෙකක් වීරඟුල සහ හොරණ ප්‍රදේශවලින් හමුවී තිබෙනවා.
ඊයේ උදෑසන වීරඟුල මංගලතිරිය ප්‍රදේශයේ අත්තනගලු ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරක් ලැබී තිබුණා.
ඒ සම්බන්ධයෙන් වීරඟුල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මියගොස් ඇති කාන්තාවගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.
ඇය අවුරුදු 60ක් පමණ වන අඩි 5යි අගල් 4ක් උස කාන්තාවක්. රතු සහ කොළ මිශ්‍ර බතික් ගවුමක් හැඳ සිටින බවයි පොලිසිය කියාසිටියේ.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු සිරුර ගම්පහ රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මේ අතර හොරණ මඩුගහවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක නාඳුනන මළ සිරුරක් ඇති බවට හොරණ පොලිසියට අද අලුයම ලැබුණු තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මියගොස් ඇත්තේ අවුරුදු 70ක් පමණ වන පුද්ගලයෙක්.
උඩු කය ඇඳුමක් නොමැති අතර දුර්වර්ණ වූ සරමක් ඇඳ සිටි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මෙම මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත අතර සිරුර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා තිබෙනවා.