ප්‍රංශ ජනපතිට පාන් හදන්න ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව

30 වැනි වරට පවත්වන ලද වාර්ෂික ‘Grand Prix de la Baguette de Traditional Francaise de la Ville De Paris’ ලෙසින් නම් කර ඇති හොඳම බෑගට් නිශ්පාදනය කරන බේකරිකරුවා තේරීමේ තරගයෙන් ප්‍රථමස්ථානයට ශ්‍රී ලාංකිකයෙක් පත්ව තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ සිට සිට ප්‍රංශයට සංක්‍රමණය වූ තර්සාන් සෙල්වරාජා (37) නැමැති ශ්‍රී ලාංකිකයෙක් බවයි සඳහන් වන්නේ.

බෑගට් (bhagat bread) යනු ප්‍රංශ සම්භවයක් ඇති දිගු තුනී පාන් වර්ගයක්. තුනී පිටි ගුලියකින් නිශ්පාදනය කරන බෑගට් නැමැති සම්ප්‍රදායි ප්‍රංශ පාන් වර්ගයේ දිග සහ මතුපිට ඇති ක්‍රිස්පි ස්වරූපය මගින් එය වෙන්කර හඳුනාගත හැකියි.

මෙම තරඟයට අනුව පිටි කිලෝග්‍රෑමයකට ලුණු ග්‍රෑම් 18ක් අඩංගු ග්‍රෑම් 250ත් 300ත් අතර බරැති බෑගට් දෙකක් සෑම බේකරිකරුවෙකුම ඉදිරිපත් කළ යුතු වනවා.

ඒ අනුව 15 දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් විසින් සෙල්වරාජාව තෝරා ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම ජයග්‍රහණයත් සමග ඔහුට යුරෝ 4000ක් සමග පුරා වසරක් ප්‍රංශ ජනාධිපතිවරයාට බැගට් සැපයීමේ කොන්ත්‍රාත්තුව ලැබී තිබීම වි‍ශේෂත්වයක්.

හොඳම බෑගට් සෑදීමේ රහස කුමක්දැයි සෙල්වරාජාගෙන් ප්‍රශ්න කළ විට, ඔහු පවසා තිබුණේ හොඳම පිටි සහ හොඳ වට්ටෝරුවක් පමණක් භාවිතා කරන බවයි.

“ මා ජයග්‍රහණය කළ විට මට ඇඬුනා… අපි විදේශිකයින් ලෙස ඇවිත් තමයි මේ සාම්ප්‍රදායික ප්‍රංශ පාන් හදන්න ඉගෙන ගත්තේ. මේක මගේ ජිවිතයේ සතුටුම දවසක්. මගේ පාන් රසයි නම් ඒකට හේතුවක් තියනවා. මම මේ පාන් හදලා තියෙන්නේ ආදරයෙන්. සෑම විටම සිනහවෙන්, හැම විටම සතුටින් ගායනා කරමින්…”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
17
+1
1
+1
8
+1
1
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48
Video thumbnail
ඇයි ජනපති මේක පාර්ලිමේන්තුවෙන් වසන් කළේ ? බරපතළ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්
02:44