උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

භාණඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

අද පස්වරු 2 සිට දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කළ බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

නාවලපිටියේ සිට නනුඔය දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක එන්ජිම සහ මැදිරියක් වටගොඩ සහ ග්‍රේඩ්වෙස්ටන් දුම්රිය ස්ථාන දෙක අතරදී පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඊයේ (12) පස්වරු 6.15 සිට ඇණහිට තිබුණා.

මේ හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වාත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය කර එම දුම්රියවල ගමන් ගත් මගීන් ලංගම බස් රථ මගින් දුම්රිය ස්ථාන දෙක දක්වා ප්‍රවාහනය කර දුම්රියන්වලට මාරු කරනු ලැබුවා.

දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද දැඩි අලාභ හානි සිදු වී තිබූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38