ඝාතකයා සිදුකළ පාපොච්චාරණයෙන් පසු වළදමා තිබූ ෆාතිමාගේ දේහය ගොඩගැනේ

ගම්පොළ, ඇල්පිටිය ප්‍රදේශයේ සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි ෆාතිමා මුනව්වරා නම් තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගත්තා.

එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගැනුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ෆාතිමා මුනව්වරා නැමැති මෙම තරුණිය ඝාතනය කර වළ දැමූ බවට මේ වනවිට අත්අඩංගුවේ පසුවන 24 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (12) පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබුණා.

ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ මෙම තරුණිය පසුගිය ඉරිදා සිය සේවා ස්ථානයට යමින් සිටි අතර තුර අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඇයගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකළ පොලිසිය සිද්ධියට සැකපිට ප්‍රදේශයේ එළුවන් බලාගැනීමේ රැකියාවක නිරතව සිටි තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව එම සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ, තමා තරුණියට අතවර කිරීමට උත්සාහ කළ බවත්, ඇය ඊට එරෙහිව වීම හේතුවෙන් කැලෑබද ප්‍රදේශයට ඇදගෙන ගොස් ඝාතනය කර වළදැමූ බවයි.

සැකකරු විසින් ලබාදුන් එම තොරතුරුවලට අනුවයි ෆාතිමා මුනව්වරා වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩ ගැනීමට මෙලෙස කටයුතු කරනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26