පන්දාහේ කොළ අච්චු ගැසූ අඹුසැමියන් පොලිස් දැලේ (ඡායාරූප)

ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 12ක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලීසිය සඳහන් කරනවා.

මෙම සැකකාර යුවළ සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට කිරීමට යොදාගත් ප්‍රින්ටරයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ගල්පාත ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලකට පැමිණි කාන්තාවක් ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටුවක් ලබා දී භාණ්ඩ මිලදී ගෙන තිබුණා.

ඒ පිළිබඳ සැක සිතූ වෙළඳසැල් හිමිකරු පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පසුව එම යුවළ පදිංචි කළුතර දකුණ පොලිස් වසමේ නිවස පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී තවත් ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු 11ක් සහ ඒවා මුද්‍රණය කිරීමට යොදාගත් ප්‍රින්ටරය ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකාර යුවළ හතලිස්හත් හැවිරිදි වියේ පසුවන්නන්.

සැකකාර අඹුසැමි යුවළ කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57