උඩදියලුම ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකින් තරුණියක් මිය යාමේ සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටි තරුණ යුවළකට එල්ල වූ වනඅලි ප්‍රහාරයකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ තරුණ යුවළට අනාරක්ෂිත ලෙස කඳවුරු බැඳීමට සහාය පළකළ බවට පැවසෙන තරුණයින් දෙදෙනෙක් බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු දෙදෙනා වයස අවුරුදු 24 සහ 32 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

පෙරේදා (11) දින කොස්ලන්ද – උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණා.

එහිදී ඔවුන් කඳවුරු බැඳ තිබූ ස්ථානයට පැමිණි වන අලියෙක් රාත්‍රී 10.30ට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ තරුණිය එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තුවාල ලබා සිටි තරුණයා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යැවීමටයි කටයුතුකර තිබුණේ.

මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගියේ මාතර, කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නමැති 23 හැවිරිදි තරුණියක් වන අතර, තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් 22 හැවිරිදි අයෙක්.

ඔහු කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් අලෙවි නිලධාරියෙක්.

පොලීසිය පවසන්නේ මෙම යුවළ කඳවුරු බැඳ ඇත්තේ, කූඩාරම් අටවන භූමියෙන් පරිබාහිර ප්‍රදේශයක බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
6
+1
2
+1
19
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23