කළුතර සිසුවියගේ දුරකථනය සොයා කිමිදුම්කරුවන් කළු ගඟ පීරයි (ඡායාරූප)

කළුතර ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය දැරියගේ ජංගම දුරකථනය සොයා නාවික සහ පොලිස් කිමිදුම්කරුවන් අද පස්වරුවේ කළු ගඟේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 6 වනදා රාත්‍රී මියගොස් සිටි අතර දැරිය නවාතැන් ගෙන සිටි ලැගුම්හලට ඇය කැටුව ආ බව කියන තරුණ යුවළගේ ප්‍රකාශවලිනුයි ජංගම දුරකථනය ගඟට විසිකර තිබූ බව හෙළිවූයේ.

පොලිස් කිමිදුම්කරුවන් දෙදෙනෙකු සහ නාවික කිමිදුම්කරුවන් තුන් දෙනෙකු නාවික යාත්‍රාවක් උපයෝගී කරගනිමින් නිරීක්ෂණ සිදු කරනු ලබනවා.