AFC Banner
Empty Ad
Empty Ad

කුඹුරක් අසලින් මළ සිරුරු දෙකක් හමුවෙයි

වාරියපොළ මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ තිබී පුද්ගලයන් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවී තිබෙනවා.

අදාළ කුඹුර ආසන්නයේ ඇති පතල් වලක තිබී මෙම සිරුරු දෙක සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ත් 40ත් අතර පසුවන දෙදෙනෙකු බව සඳහන්.

ප්‍රදේශවාසීන් පවසන්නේ මියගොස් සිටින මෙම පුද්ගලයින් දෙදෙනා පෙරේදා (10) දිනයේ සිට අතුරුදන්ව සිට ඇති බවයි.

වාරියපොළ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
2
+1
11
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?