නිවසේ තනිව සිටි තරුණියක් ජීවිතක්ෂයට

25 හැවිරිදි තරුණියක් සිය නිවසේ තනිවම සිටියදී ඊයේ (11) මිය ගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ බෝධිනාගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තරුණ කාන්තාවගේ සැමියා රැකියාවට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී ඇය සිහිසුන්ව සිටියදී සොයා ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අනතුරුව සැමියා විසින් ඇය ඉංගිරිය දිසා රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඇය මිය ගොස් සිටි බවයි සඳහන් වන්නේ.

අදාළ කාන්තාව සිහිසුන්ව සිටියදී සොයා ගත් ස්ථානය ආසන්නයේ කාමරයක බිත්තියට නෙරා ඇති විදුලි රැහැනක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ අකුණු සැර වැදීමෙන් මෙම කාන්තාව මිය ගියේද යන්න පිළිබඳ සැක කෙරෙන අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මරණයට හේතුව තහවුරු කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
2
+1
3
+1
41
+1
5
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36