කළුතර සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැව්රිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු ලබන මැයි 26 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය අද (12) නියෝග කලාය.

කළුතර දකුණ , ඉසුරු උයන , අංක 63 ලිපිනයේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු යන අය මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලදී.

කළුතර දකුණ , ප්‍රධාන වීදිය, අංක 402 ලිපිනයේ පිහිටී සිසිලියන් වෝක් හෝටලය පිටුපස රේල්පාරේ වැටී සිටීයදී සොයාගන්නා ලද කළුතර, නාගොඩ, “සැනසුම”, අංක 115 ලිපිනයේ පදිංචිව සිටී ටිහාරා නිර්මානී දැරියගේ මරණය සම්බන්දයෙන් සැකකරුව අත්අඩංගුවට ගෙන පෙරේදා (10) කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කොට පැය 48 ක් රදවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබුණි

පොලිසිය විසින් සැකකරුට අයත් රුපියල් 94,000 ක මුදල, බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර භාරයට ගෙන ඇති බව විත්තියේ නීතිඥ සරත් කරවිට අධිකරණය හමුවේ කියා සිටියේය.

එම දෑ අද උදෑසන වනවිටත් භාරදී නොමැති බැවින් නිවසේ ඇති කරන සුනඛයන්ද නිරාහාරව සිටින බව සදහන් කල විත්තියේ නීතිඥ වරයා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ සැකකරු වෙත එම දැ භාරදෙන ලෙසට පොලිසියට නියෝග කරන ලෙසය.

එහිදී පොලිස් පරීක්ෂක ධම්ම්ක ද සිල්වා සදහන් කලේ සැකකරු අද දිනයේ ගරු අධිකරණය හමුවට පැමිණවීමට පෙර රුපියල් අනුහතර දහසක මුදල , බැංකු කාඩ්පත් සහ නිවසේ යතුර බිරිඳ ඉදිරියේ සැකකරු වෙත භාරදුන් බවයි.

මෙම මරණය සියදිවි නසාගැනීමක්ද ? නොඑසේ නම් මනුෂ්‍ය ඝාතනයක්ද ? යන්න මෙතෙක් නිගමනය වී නොමැති බවත්, මියගොස් ඇති දැරියට අවසන් වරට දුරකථන ඇමතුමක් ලබදුන්නේ කවුරුන්ද යන්න සොයාගැනීමට පොලිසිය මෙතෙක් අපොහොසත්වී ඇති බවත් අධිකරණය හමුවේ කියාසිටි විත්තියේ නීතිඥ මහතා ඉල්ලා සිටියේ සැකකරු හෘද රෝගයෙන් පෙලෙන බැවින් බන්ධනාගාරය තුලදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසය.

එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය සදහන් කලේ සැකකරුට ආරක්ෂාව සැලසීම බන්ධනාගාරය සතු වගකිමක් බවත් එය අධිකරණයේ වගකීමක් බවත්ය.

දැරියගේ පාදයක සහ පියයුරක දත් පහරවල් නිරීක්ෂණය වන බවත්, එය සැකකරුගේ දත් පහරවල්ද යන්න පරීක්ෂා කිරීම සදහා වෝහාරික වෛද්‍යවරයෙකු හමුවට පැමිණවීමට අවසර ලබාදෙන ලෙස උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඒ.ජී.ඩී. බණ්ඩාර අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී 2023 මැයි මස 16 දා සැකකරු වෝහරික වෛද්‍යවරයකු හමුවට පමුණුවන ලෙස මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කලාය.

නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ අධිකරණ ශාලව තුල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශ නිළධාරීන් රැදී සිටි අතර ,දැරියගේ මරණය සම්බන්දයෙන් අද දින සිට ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරන බවටද අධිකරණයේදී කරුණු අණාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මනුෂ්‍ය ඝාතන විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක වරුන්වන පොල්වත්ත සහ මැදගම යන නිළධාරීන්ද පෙනීසිටීයහ.

නඩුව ලබන මැයි 26 යලි කැදවීමට නියමිතයි.

කළුතර දකුණ පොලිසියේ නිළධාරීන් පිරිසක් අදත් දැඩි ආරක්ෂක රැකවල් යොදා සැකකරු අධිකරණ භූමියට රැගෙන එන ලදී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46