මන්නාරමේ පාසල් සිසුන් පැහැර ගැනීම ගැන මෙතෙක් තොරතුරු තහවුරු වි නැහැ

මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පොලිසිය වෙත ලද පැමිණිලි තහවුරු වන කිසිදු තොරතුරක් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි.

සුදු වෑන් රථයකින් පැමිණ පිරිසක් තමන් පැහැර ගැනීමට උත්සහ කළ බවට පසුගිය 07 වැනිදා පාසල් සිසුන් තිදෙනකු පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කොට තිබෙනවා.

පැමිණිලි අනුව සිදුකළ පරීක්ෂණයන්හිදි එවැන්නක් මෙතෙක් තහවුරු වී නොමැති බවත්, සිසුන් කිසිවකුවගේ බලපෑම් මත මෙම පැමිණිලි ඉදිරිපත් කළේ ද යන්න හෙළි කර ගැනීමට පරීක්ෂණ පවත්වන බවද පොලිසිය සඳහන් කරනවා

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූවේ මෙතෙක් මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් පැහැර ගැනීම සම්බන්ධයෙන් වන පැමිණිළි තහවුරු කර ගැනීමට තොරතුරු නොලැබි ඇති බවයි.

මන්නාරම ප්‍රදේශයේ පාසල් සිසුන් වෑන් රථයකින් පැහැර ගැනීමේ උත්සහයක් පවතින බවට ලද තොරතුරු මත පසුගිය දින කිහිපයේම මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් අවට යුධ හමුදාව හා පොලිසිය යොදා ආරක්ෂාව තරකොට තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?