කලුතර පාසල් සිසුවියගේ මරණයට කාන්තාවක් අත්අඩංගුවට

කලුතර ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද පස්වරුවේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දැරිය ලැගුම්ගෙන සිටි ලැගුම්හල පවත්වාගෙන යන හිමිකරුගේ බිරිඳ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඇය කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාව එදින ලැගුම්හලේ සේවය කරමින් සිට ඇති අතර, වෙනත් වැඩිහිටි තරුණියකගේ හැඳුනුම්පතක් යොදාගනිමින් මියගිය පාසල් සිසුවිය ලැගුම්හලේ නවාතැන් ලබා ගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ජාතික හැඳුනුම්පත නිසි පරීක්ෂාවකින් තොරව අනන්‍යතාව තහවුරු කරගැනීමක් සිදු නොකර බාලවස්කාර දැරියකට කාමර ලබාදීමේ වරදට සැකකාරිය මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරිය අද සවස කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් ළූණු කෑවා සැපද ? අපිලගේ සාදූ මාධ්‍යයට ව්‍යවස්ථාව රැගෙන ඇවිත් ආණ්ඩුවට දෙසයි
04:01
Video thumbnail
යහපත් නොවූ අයහපත් කාලගුණය වටවලට බලපා තිබූ හැටි...
01:06
Video thumbnail
කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමත් සීඝ්‍රයෙන් ඉහළට
06:10
Video thumbnail
සජිත්, නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එන්න ආරාධනා කරයි
07:15
Video thumbnail
බයික් එකේ ලොක් එක කඩලා පර්ස් එක උස්සන් ගිය හොරා
01:05
Video thumbnail
නඩු ප්‍රමාදය අවසන් කරන්න සජිත් විශේෂ කාරක සභාවක් ඉල්ලයි
03:49
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් තවදුරටත් විවෘත කෙරේ
01:22
Video thumbnail
මොරගොල්ල ජල ව්‍යාපෘතියත් ජලයෙන් යටවෙයි - බැකෝ යන්ත්‍ර සේරම යටවෙලා
01:03
Video thumbnail
"අපිට සැකයක් තියෙනවා බාහිර බලපෑමක් මේකට තිබ්බද කියලා"
02:25
Video thumbnail
මහර සිද්ධියේ පිටුපස ගැන අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
06:20