රිලවුන් චීනයට යැවීමට තහනම් නියෝගයක් ඉල්ලා පෙත්සමක්

ශ්‍රී ලංකාවේ සිටින රිලවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට බලධාරීන් විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් සම්බන්ධයෙන් ලබන 19 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පාර්ශවකරුවන් වෙත නොතීසි නිකුත් කළා.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය ආනන්ද සාගර, ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් මෙම නොතීසි නිකුත් කිරීම සිදු කරනු ලැබුවේ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මෙරට සිටින රිලව් ලක්ෂයක් පරීක්ෂණ කටයුත්තක් සඳහා චීන සමාගමක් වෙත යැවීමට වගඋත්තරකරුවන් තීරණය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

එබැවින් මෙරට රිලවුන් ඕනෑම මොහොතක චීනයට අපනයනය කිරීමේ අත්‍යාසන්න අවදානමක් මතුවී තිබෙන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ.

එම තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

මෙම ක්‍රියාව තුළින් මෙරට පරිසර පද්ධතියට දැඩි අගතියක් සිදු වන අතර විශාල සත්ව හිංසනයක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එම ක්‍රියාව සත්ව හිංසා පනත මෙන්ම වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත විධිවිධානයන්ට පටහැනි බවත්, එබැවින් වහාම අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බලමිනුයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ රිලව් ලක්ෂයක් චීනයට අපනයනය කිරීමට ගෙන තිබෙන තීරණය නීතියට පටහැනි බවයි.

එබැවින් එම තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් රිලවුන් අපනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ ආඥාවක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

පෙත්සම ලබන 19 වනදා යළි කැඳවීමට නියමිතයි.

  1. ONNA OYA RILAWU TIKA ALLALA OYA NADU DAPU EWUNGE GEWAL WALATA YAWWA NAM IWARAYI NE. UN EYI THARAMATA RILAWUNTA ADREYI NEH. PRASHNE THAMUNGE NOWEE ANUNGE WELA THIYENAKAM ME MUSALAYO HEMA EKATAMA EREHI WENAWA, USAWI YANAWA, SATHWA AWIINSA YANAWA. YAKO GEWL WALA JANEL DORAWAL WAHAGENA INNA WELA THIYENNE. PODDAK ATHAPASU UNOTH KANNA BONNA THIYENA OKKOMA WINASA KARANWA. SEAT WAHALTA RANCHU PITIN PENALAMA SEAT KADILA. ULU WAHALAWALA ULU KADILA, MUN EWA USSANAWA, EHE MEHE KARANAWA. ALIYE REDHI ANDHU WELENNA DANNA BAHE, USSAGENA GAS UDATA YANAWA. AYE GANILI BORU. GAHAKA WELAKA KISIM DEYK THIYA GANNA BAHE. HADDA GETA PAWA KATIN HAPAA THUWALA KARALA, NIYAPOTHU WALIN HURALA. UNTA KANNA NAHE, UNGE GAHANAYA WADI NISA. EKA ADU KARANWANAM EKEN HONDHAK WENNE UNTAMA THAMAYI. ITA PASSE MINISSUNTA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51