වතු කම්කරුවන් වන තමන්ව රැකියාවන් සඳහා වෙනත් වතුවලට ලොරි රථවලින් රැගෙන යාමේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බව වතු කම්කරුවන් පිරිසක් පවසනවා.
තමන් සිටින වතුවලින් වෙනත් වතුවල රැකියා සඳහා ලොරි රථවලින් රැගෙන යන බවත් මෙසේ රැගෙන යන ලොරි රථවල හිටගෙන යාමට සිදුවන බව වතු කම්කරැවන් පවසනවා.
එමෙන්ම මෙම ලොරි රථවල ගැබිනි කාන්තාවන් පවා රැගෙන යන බවත් මෙම තත්වයන් මත එම ගැබිනි කාන්තාවන්ට පවා දිගු දුරක් හිටගෙන යාමට සිදු විමෙන් එම ගැබිනි කාන්තාවන් විවිධ අපහසුතාවයන්ට පත්වන බවත් ඔවුන් පවසයි.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කාන්තාවන් පිරිසක් පවසනුයේ මෙසේ වෙනත් වතු සදහා තමන්ව ලොරි රථවලින් රැගෙන යාමේදි එම ලොරි රථවල පිරිමි පුද්ගලයන්ද වැඩි වශයෙන් යාමෙන් තමන් විවිධ හිංසනයන්ට ලක්වන අවස්ථාවන්ද පවතින බවත්ය.














