යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වැලිගම මිදිගම වෑකඩ පදිංචි පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කොට එය ව්‍යර්ථ විමෙන් පසුව පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසනවා.
ඊයේ (9 ) දින රාත්‍රි 7:55 පමණ මිදිගම පොලිස් වසමේ මිදිගම පොලිස් ස්ථානය අසල පිහිටි වෑකඩ,මිදිගම, පදිංචි අයකු ඉලක්ක කොට වෙඩි තැබීමට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.
ඔහුගේ වෙළදසැල අසලට යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් වෙළදසැලේ සිටි අයෙකුට ටී 56 වර්ගයේ ගිණි අවියකින් වෙඩිතැබීමට උත්සාහකර ඇති බවත් එම අවස්ථාවේදී වෙඩික්කරුගේ ගිණිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙඩික්කරු ගිණිඅවියත් රැගෙන යතුරු පැදියකින් පලාගොස් ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිස් කණ්ඩායමක් පහක් පරීක්ෂණ සිදු කරයි.














