16 හැවිරිදි සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

කළුතර පස්මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළව කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මහත්මිය අවසර ලබාදී තිබෙනවා.

කළුතර දකුණ හෝටලයක පිටුපස රේල්පාරේ වැටී සිටියදී සොයාගන්නා ලද 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙනුයි කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු පසුගිය 6 වනදා මියගොස් ඇති දැරිය සමග හෝටලයේ කාමර අංක 7හි එකට මත්පැන් පානය කරමින් සිටි බවට අණාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

පරීක්ෂණ මෙතෙක් නිමකර නොමැති බැවින් ඉදිරි විමර්ශන සඳහා පැය 24ක් ප්‍රමාණවත් නොවන අතර පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

මෙය මනුෂ්‍ය ඝාතනයක් නොවන බවට වෛද්‍යවරයා නිගමනය කර ඇති අතර එය සියදිවි නසා ගැනීමක් බවත් විත්තියේ නීතිඥ සරත් කරවිට මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සිය සේවාදායකයා පොලිසිය වෙත සියලු කරුණු වාර්තා කර තිබියදී රැඳවුම් නියෝග ලබාගන්නේ යි ද යන්න විත්තිය වෙනුවෙන් පෙනීසිටී නීතිඥ සරත් කරවිට විමසා තිබෙනවා.

මෙහිදී පොලිසිය කියා සිටියේ සැකකරු එදින මත්පැන් පානය කරසිටියේ ද යන්න සම්බන්ධයෙන් රුධිර සාම්පලයක් ලබාගැනීමට සහ තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති බවයි.

සැකකරු අද අධිකරණ වෛද්‍යවරයා හමුවට යොමු කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ද රැඳවුම් නියෝග නිකුත් කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පොලිසියෙන් විමසා තිබෙනවා.

මෙම සිසුවියගේ මරණයට අදාළ නඩුව ලබන 12 වනදා යළි කැඳවීමට නියමිතයි.

මේ අතර විමර්ශනවලට අදාළව මියගිය සිසුවියගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ වනවිටත් ඇයගේ දුරකථනය අතුරුදන්ව පවතින බවටයි වාර්තා වන්නේ.

සිසුවිය මියගිය පසු ප්‍රධාන සැකකරු, විසින් මිතුරිය සහ මිතුරියගේ පෙම්වතා එම ස්ථානයට යළි කැඳවා ඇති අතර එම ස්ථානයට පැමිණි ඔවුන් සිසුවියගේ දුරකථනය දුම්රිය මාර්ගයට එපිටින් වූ කළපුව දෙසට විසි කළ බව අනාවරණ වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට පොලිසිය හෙළි කරගෙන තිබෙනවා.

විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඇය හෝටලයේ තුන්වන මහලෙන් බිමට පැන සියදිවි හානිකර ගත් බවට සැකකරු ප්‍රකාශ කරන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙකු පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව පොලිසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දීයි අත්අඩංගුවට පත්වුයේ.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්චාරණය කර තිබුණේ මියගිය සිසුවිය ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුව ලැගුම්හලේ ජනේලයකින් බිමට පනිනු ලැබූ බවයි.

සැකකරු සිදුකළ ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔහුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලිසිය සඳහන් කළා.

මියගිය සිසුවියගේ ජංගම දුරකථන දත්ත පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු මේවන විට සිදුකරමින් සිටින බව ද ඔවුන් ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු සතුව තිබී රුපියල් 95000ක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් යුවළඅතර සිටින පෙම්වතා මාර්ගයෙන් අදාළ පාසල් සිසුවිය හඳුනාගත් බවයි සැකකරු පොලිසියට සඳහන් කර ඇත්තේ.

මීට පෙර කිසිඳු දිනක මෙම තරුණිය හමුවූ නොවූ බවද ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔවුන් 4දෙනා සෙනසුරාදා අදාළ ලැඟුම්හලේ දී මත්පැන් පානය කළ බවද සැකකරු පොලිසිය හමුවේ හෙළි කර ඇතැයි සඳහන්.

අදාළ සිසුවිය හඳුන්වා දුන් යුවළ ලැඟුම්හලෙන් පිටව යාමෙන් අනතුරුව තමා හා ඇය නිරුවත්ව කාමරය තුළ සිටිය නමුත් ලිංගිකව එක් නොවූ බවයි සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ.

ඔවුන් කාමරය තුළ රැඳී සිටි අවස්ථාවේදී ඇයට දුරකථනයෙන් ලැබුණු ඇමතුමක් හේතුවෙන් අසභ්‍ය වචනයෙන් බැන වැදුණු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන් අනතුරුව සිසුවිය කාමරයේ ජනේලයෙන් අසළ වූ පුටුවකට නැග ජනේලයෙන් පිටතට පැන ඇති බවටයි සැකකරු පවසා ඇත්තේ.

ඇය ජනේලයෙන් පැනීමෙන් අනතුරුව තමන් බියවී එම ස්ථානයෙන් පලා ගිය බවත් සැකකරු සඳහන් කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ ඔහුගේ පාපොච්චාරණයේ සඳහන් කරුණුවල සත්‍ය අසත්‍යභාවය ගැන වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

කෙසේ වෙතත් මියගිය සිසුවිය දුෂණයට ලක්වී නොමැති බවද වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බව පොලිසිය පවසනවා.

මේ අතර ලැඟුම්හලට ගිය අනෙක් යුවල අතර සිට පෙම්වතා විසින් මියගිය තරුණියගේ ජංගම දුරකථනය කළු ගඟට විසිකර ඇති බව සඳහන්ව තිබෙනවා.

අදාළ යුවළ මැයි මස 15 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
17
+1
18
+1
3
+1
14
+1
25
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13