කථන ආබාධ සහිත වයෝවෘද්ධ මාතාවකට ලිංගික අතරවරයක් කිරීමට තැත් කළ අයෙක්

බීමත් පුද්ගලයෙකු විසින් ලිංගික අතවරයක් කිරීමට තැත්කල වයස අවුරුදු 75 ක වයෝවෘද්ධ මාතාවක් ඊයේ (09) රාත්‍රියේ මීගහකිවුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුලත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.

මේ අතර සිද්ධියට සම්බන්ධ 51 හැවිරිදි සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

සැකකරු අධික ලෙස බීමත්ව පැමිණ කතා කිරීමේ පවා අපහසුතාවකින් පෙළෙන මෙම වයෝවෘද්ධ මාතාවට හිරිහැර කිරීමට සැරසෙද්දී අසල්වාසී පිරිසක් එය දැක ඇති අතර ඉන්පසුව සැකකරු මෙම මාතාව අත්හැර දමා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධීය සැලවීමත් සමගම කන්දකැටිය පොලීසියේ නිලධාරී පිරිසක් පැමිණ ඇතත් සැකකරු පලා ගොස් තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කන්දකැටිය පොලීසිය පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
3
+1
0
+1
5
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?