දෙහිවල රෝහල් පාර සිද්ධියට පුද්ගලයන් 14 ක් අත්අඩංගුවට

දෙහිවල රෝහල් පාර ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එයින් එක් පුද්ගලයෙකු ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 14 කු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය පවසනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයක් වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙක්.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු පැන යාමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් මෙම පුද්ගලයන් දෙදෙනා පොලිසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසුවා.

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුන බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී තිබෙනවා.

අනතුරුව සැකකරුවන් අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇතැයිද පොලිසිය කියයි .

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි .

මෙම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාසය කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කින්නියා නිලාවේලි අවිස්සාවේල්ල කළුතර බණ්ඩාරගම ගාල්ල බේරුවල කන්තලේ හැටන් හා රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දෙහිවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්වාන නිවසේ ළිපගිනි දැල්වෙයි - රැය පහන් කරන්න සූදානම්
01:11
Video thumbnail
මේ මල්වාන නිවාස විතරක් නෙමෙයි - අනිත් ගෙවල් ටිකත් අපිට ඕනේ
06:38
Video thumbnail
මට ආණ්ඩුවත් එක්ක ඩීල් නෑ - මම කියන දේ අහන්න IMF කැමති නෑ
09:17
Video thumbnail
අහිංසකයෙකුට කකුලක් දීපු සජිත් ප්‍රේමදාස
01:18
Video thumbnail
ලාල් කාන්තට පිස්සු - සජිත් ඉස්සරහා ගොවියා ආණ්ඩුව රිදෙන්නම දෙයි
06:51
Video thumbnail
තෙල් මිල ආයේ වැඩිවෙන්නේ නෑ
06:01
Video thumbnail
බැසිල්ගේ කියන නිවසට කඩා පැන්න අන්තරේ සෙට් එක එතනම පදිංචි වෙයි
01:22
Video thumbnail
විශ්‍රාම දිවියට ගිය අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පළමු වරට හෙළිකරපු දේ..මට මාර විරුද්ධත්වයක් තිබ්බේ
12:55
Video thumbnail
අනුර මල්ලි මේ අහන්න.. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න
04:20
Video thumbnail
අපෝ විපක්ෂයේ කවුරුත් ඕනේ අපිට් නෑ - අපිට තනියෙන් පුළුවන්
02:22