ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රයක් සමඟ තරුණයෙකු ඊයේ (09) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ දිසා අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 13 ක් පමණ වටිනාකමින් යුතු ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණ යන්ත්‍රය සන්තකයේ තබාගෙන සිටි තරුණයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

යාපනය රෝහල් විදීය ප්‍රදේශයේ කාන්තා නේවාසිකාගාරයක සඟවා තිබු අදාළ මුද්‍රණ යන්ත්‍රය වෙනත් ස්ථානයකට රැගෙන යාමට සුදානම් වු අවස්ථාවේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගියදා පලෙයි ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නොට්ටු සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ ඥාතියෙකුයි එලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ.

පලෙයි ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අත්අඩංගුවට ගත් තරුණයා යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තරුණයෙකු වන බවද පසුව අනාවරණය කර ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය නියෝග කළ බවද පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇස් පනාපිටම ඇළට කඩා වැටුණු වෙළෙඳසැල..මෙන්න කැමරාවේ පටිගතවූ දර්ශන
01:14
Video thumbnail
ගමම සලිත කරමින් බඹරැහීකඩ සමූපකාරය අසලින් හමුවූ අභිරහස් නිසල සිරුර..
00:47
Video thumbnail
ගවයෝ ටික ගවයෝම පුනරුත්තාපනය කරනවා..අතුල රන්ජන් ජයලාල්ට දැම්ම සැර සත්තම
03:04
Video thumbnail
මුජිබුර් ගල් අඟුරු ගැන සැරටම කිව්ව කතාව..තමන්ට වෙන නීතියක් විරුද්ධ පක්ෂයට වෙන නීතියක්..
05:21
Video thumbnail
ලොරි රථයක් ලංගම බසයක වැදී සිදුවූ බිහිසුණු අනතුර..කොන්දොස්තර තුවාල ලබා රෝහලේ
01:02
Video thumbnail
අධිවේගී මාර්ගයට අදත් මහ වැසි කඩා හැලුණු හැටි..කොහොමද වහින වැස්ස
01:48
Video thumbnail
රණවිරු සැමරුමේදී ජනපතිගේ කතාවට අමතරව විශේෂ ප්‍රකාශයක්..සැමරුමට සහභාගී වන පිරිස 2769ක්
02:06
Video thumbnail
මෙවර රණවිරු සැමරුමේ සුවිශේෂි වෙනස්කම් රැසක්..උතුරු නැගෙනහිර රණවිරුවන්ගේ ඥාතීන් සහභාගී කර ගන්නවා
02:30
Video thumbnail
සජබ මහ ලේකම් ජනපති අනුරට අභියෝග කරයි..මේ රට දවසින් දවස ප්‍රපාතයකට වැටෙනවා
04:28
Video thumbnail
අධි ගංවතුර තත්ත්වයක්ද ? කෙටි කාලයක් තුළ වැඩි වර්ෂාවක්..නොපෙනෙන අනතුරු තියෙනවා
06:29